ශ්‍රී ලාංකීය ත්‍රිරෝද රථ හිමියන්ගේ විශ්වසනීයම ලීසිං සහකරු ලෙස මේ වන විට මුල් තැන පසුවන ඇසට්ලයින් ලීසිං පසුගියදා තවත් සුවිශේෂී දීමනාවක් හදුන්වා දුන්නේය.මෙම නව දීමනාවට අනුව ලියාපදිංචි ත්‍රිරෝද රථයකට ලීසිං පහසුකම් ලබා ගන්නා පාරිභෝගිකයින්ට නොමිලේ ෆුල් සර්විස් 03ක් හිමිවන අතර බජාජ් ත්‍රිරෝද රථ සදහාම විශේෂඥයින් වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ඩීලර්වරුන්ගෙන් මෙම සේවාව සැලසුම් කර ඇත.
නව දීමනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇසට්ලයින් ලීසිං නියෝජ්‍ය අංශභාර කළමනාකරු (ව්‍යාපාර සංවර්ධන) මංජුල ගන්නිලේ මහතා පැවසුවේ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ ලීසිංවලට වසරක් පුරා මාසයකට නොමිලේ පෙට්‍රල් ලබාදීමේ දීමනාවෙන් තවමත් පාරිභෝගිකයින් ප්රතිලාභ ලබමින් සිටින අතරතුරම, මෙම නව දීමනාව හඳුන්වා දුන් බවයි.
“හැම විටම අපගේ පාරිභෝගිකයින්ට නව දීමනාවක ප්රතිලාභ හිමිකර දෙමින් දිනෙන් දින අලුත් වන අපගේ පාරිභෝගික සේවාවල නවතම ප්‍රවර්ධන වැඩසටහන ලෙස ලියාපදිංචි කළ ත්‍රිරෝද රථවලට ලීසිං ලබා ගන්නා පාරිභෝගිකයින්ට නොමිලේ සම්පූර්ණ සේවා වාර 03ක් ලබා දීමට අප තීරණය කළා. විශේෂයෙන් වසංගත තත්ත්වය සමඟ පාරිභෝගිකයින් මුහුණ දෙන විවිධ අසීරුතා හමුවේ මූල්‍ය වශයෙන් ඔවුන්ට සහනයක් ලබා දෙමින් ඇසට්ලයින් ලීසිං වෙතින් නොමිලේ සම්පූර්ණ සේවා 03ක් ලබා දෙනවා,” යැයි ගන්නිලේ පවසයි.