තරුෂි කරු­ණා­රත්න ලංකා­වට කීර්ති­යක් අත්කර දෙන බවට සහ­තික වෙයි | සිළුමිණ

තරුෂි කරු­ණා­රත්න ලංකා­වට කීර්ති­යක් අත්කර දෙන බවට සහ­තික වෙයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලීන් සඳහා සහභාගී වී ලංකාවට කීර්තියක් අත්කර දීමට තමන් මහත් අපේෂාවෙන් සිටින තරුණ ක්‍රීඩිකාවක් වූ තරුෂි කරුණාරත්න පැවසුවාය. තම උපරිම කැපවීමෙන් යුක්තව පුහුණු වීම් කටයුතු වල නිරත වෙමින් එම තරගයන්ට හොඳින් මුහුණ දීමට ඇය සූදානම් බව වැඩිදුරටත් පැවසුවාය.

තවමත් පාසල් ශිෂ්‍යාවක් වන තරුෂි කරුණාරත්න ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කුකුළු නිෂ්පාදන සන්නාමය වන විසින් එක්ව ආරම්භ කරන ලද NOCSL Crysbro Next Champ වැඩසටහනෙහි ශිෂ්‍යත්වලාභියකි. ඇය 2021 ජාත්‍යන්තර කණිෂ්ඨ ක්‍රීඩා උළෙලේදී මීටර් 400 සහය දිවීමේ කණ්ඩායමේ ධාවකයෙකු ලෙස ලංකාව නියෝජනය කළාය. බොහෝ බාධක මාධ්‍යයේ වුවද ජාත්‍යන්තර කණිෂ්ඨ ක්‍රීඩා උළෙල සදහා වූ පෙර පුහුණු වීම් වලදී තමාගේ උපරිම හැකියාවන් එළිදැක්වූ බවත් ඇයගේ පෞද්ගලික හොඳම ලකුණු සටහන් කළ බවත් ඇය සඳහන් කළාය.

”වසංගතය අපිව අනපේක්ෂිත ලෙස අපහසුතාවයට පත් කරලා තියනවා. නමුත් මෙම අවස්ථාව දුර්ලභ හා වැදගත් වූ නිසා මම දිගටම වෙහෙස මහන්සි වී මෙම බාධක ජයගෙන මගේ උපරිමය ඉටු කරනවා. මම විශ්වාස කරන්නේ මගේ පුහුණුකරුගේ, පවුලේ අයගේ සහ තවත් බොහෝ දෙනාගේ සහයෝගය ඇතිව මට ඒ සඳහා අවශ්‍යය දේ ලබා දීමට හැකි වුණා කියලා. ”ඇය පැවසුවාය.

Comments