එල් බී ෆිනෑන්ස් ඩිජි­ටල් මාධ්‍යයේ නව මාන හා ප්‍රව­ණතා පිළි­බඳ දැනුම්­වත් කරයි | Page 2 | සිළුමිණ

එල් බී ෆිනෑන්ස් ඩිජි­ටල් මාධ්‍යයේ නව මාන හා ප්‍රව­ණතා පිළි­බඳ දැනුම්­වත් කරයි

එල් බී ෆිනෑන්ස් වෙතින් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ කෙසේ ද?” යන්න පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සැප්තැම්බර් මස 22 වැනි දින සවස 4 ට පැවැත්විය. Zoom යෙදවුම ඔස්සේ සජීවීව නොමිලේ සහභාගී විය හැකි සැසියක්, මේ සඳහා යොදාගෙන තිබුණි.

දහසකට අධික පිරිසක් ලියාපදිංචි වී තිබූ මෙම වැඩසටහනට කීර්තිමත් සම්පත් දායක මඬුල්ලක් සහභාගී විය. Roar Global හී උප සභාපති (පාරිභෝගික සාර්ථකත්වය) උදාර ධර්මසේන සහ 2019 වසරේ ජනප්‍රියම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් වන “Travel with Wife” යන මහත්ම මහත්මීන් විසින්, සහභාගී වූ අය සඳහා ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ ව්‍යාපාර ආරම්භ කළ යුතු ආකාරයත්, මාර්ගගත ප්‍රජාව අතර ව්‍යාපාර සන්නාමය ගොඩනැගිය යුතු ආකාරයත් පිළිබඳ වටිනා උපදෙස් රැසක් ලබාදුනි. 2021 ලෝක සංචාරක දිනය සැමරීම වෙනුවෙන් එල් බී ෆිනෑන්ස් මූල්‍ය සමාගම විසින් සංවිධාන කරන ලද ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ඔබේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්නේ කෙසේද?” යන මාර්ගගත දැනුවත් කිරීම අති සාර්ථක බව එහි කළමනාකාර අධ්‍යක්ෂ සුමිත් ආදිහෙට්ටි පැවසීය. විශාල සංඛ්‍යාවක් සහභාගී වූ මෙම වැඩසටහනට ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය සංචාරක ව්‍යාපාරයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයන්ගේ සංගමය ශ්‍රී ලංකා හෝටල් සංගමය යන කීර්තිමත් සංචාරක ආයතනවල සාමාජිකයින් ද එක් විය.

Comments