නිමේෂ් ෂෙහාන් ගෙනෙන විලාසිතා | Page 2 | සිළුමිණ

නිමේෂ් ෂෙහාන් ගෙනෙන විලාසිතා

අද සිළුමිණ රසඳුන fashion පිටුවෙන් අපි ඔබට සමීප කරන්නේ මීරිගම නිමේෂ් ෂෙහාන් අතින් නිර්මාණය වන ඇඳුම් විලාසිතා කිහිපයක්. මීරිගම ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් සිප් සතර හදාරන නිමේෂ් කුඩා කාලයේ සිටම නර්තනයට දස්කම් දක්වපු කෙනෙක්. ඒ නිසාම කලා අංශයෙන් උසස් පෙළ හදාරා නර්තන අංශයෙන් උපාධියක් ද ලබා ගන්නවා.

නර්තනය හදාරන කාලයේ නර්තන අංග වලට අවශ්‍ය ඇඳුම් නිර්මාණය කර ගන්නට පෙලඹුණ නිමේෂ් ට හිතෙනවා විවිධ ඇඳුම් විලාසිතා නිර්මාණය කරන්නට.

නිමේෂ් කියන විදියට කිසිම කලෙක ඇඳුම් නිර්මාණය එහෙමත් නැත්නම් ෆැෂන් ඩිසයින් ගැන හැදෑරීමක් කරලා නැහැ. නිමේෂ් ට හැකියාව ලැබිලා තියෙනවා දෙයක් දිහා බලන් ඉඳලා ඉගෙන ගන්න. ඒ නිසාම එහෙම ඉගෙන ගත් මැහුම් කලාවත් එක්ක නිමේෂ් සතු නිර්මාණශීලි හැකියාවත් එකතු කරන් ඔහුගේ අතින්ම තමා මේ සියලු ඇඳුම් නිර්මාණය වෙන්නේ.

බ්‍රයිඩ්ල් ෂෝ සහ ෆැෂන් ෂෝ වලට නිමේෂ් ඉදිරිපත් කරන නිර්මාණ වලට ලැබුණු ප්‍රතිචාර එක්ක තමා ඔහු මේ නිර්මාණකරණයට පෙලඹිලා තියෙන්නේ. මේ ගමන එන්න නිමේෂ් ට රූපලාවණ්‍යය ශිල්පී තනුජ ධනංජය සහ මහේෂ් මධුශංක උදව් කළ බවත් ඔහු කෘතවේදිව සිහිපත් කළා.

නිමේෂ් වැඩියෙන්ම බ්‍රයිඩ්ල් ඇඳුම් සහ උත්සව අවස්ථාවන්ට අඳින්නට හැකි ඇඳුම් තමා නිර්මාණය කරන්නේ. වයස් භේදයකින් තොරව නිමේෂ් ට කියලා තමන් කැමති ඇඳුමක් නිර්මාණය කර ගන්නත් පුළුවන්.

මේ වෙද්දී ඇඳුම් නිර්මාණය කරන්න අරන් වසර දෙකකට ආසන්න වෙන බවත් මේ තුළින් ආර්ථිකමය පැත්තෙන් සාර්ථක නිසා දිගටම මේ ක්ෂේත්‍රයේ දිගු ගමනක් යමින් ඔහුගේ නමින්ම වෙ‍ෙළඳ ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්නයි ඔහු සුදානමින් ඉන්නේ.

 

 

 

 

 

 

 

 

Comments