පාසල් ළමුන්ට එන්නත් ලබාදීම ඇරැ­ඹෙයි | Page 2 | සිළුමිණ

පාසල් ළමුන්ට එන්නත් ලබාදීම ඇරැ­ඹෙයි

 වයස අවුරුදු 18ත් 19ත් අතර කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් සඳහා එන්නත් ලබා දීම ඉකුත් 15 වැනි සිකුරාදා කොළඹ පාසල් රැසකදී ඇරැඹිණි. මේ කොටහේන විවේකානන්ද විදුහලේ සිසුවියන් එන්නත් ලබාගත් අවස්ථාව ය.

සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව පාසල් ළමුන්ට එක් එන්නත් මාත්‍රාවක් සහ සංජනනීය රෝග සහිත දරුවන්ට එන්නත් මාත්‍රා දෙකක් ලබාදීම මේ අනුව සිදු කෙරේ. කොළඹින් ඇරැඹුණු මෙම කොවිඩ් මර්දන එන්නත්කරණය ලබන 21 වැනිදා බ්‍රහස්පතින්දා සිට දිවයින පුරා ක්‍රියාත්මක වේ. පාසල් දරුවන් එන්නත් කිරීමේ මධ්‍යස්ථාන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් පිටුව වන www.healthedu.gov.lk සහ ෆේස්බුක් පිටුවේ සඳහන්ය.

යම් හෙයකින් දුර බැහැර පළාතක සිටින පාසල් දරුවන්ට සිය පාසලට පැමිණ එන්නත් ලබා ගැනීමට දුෂ්කරතා තිබේ නම් සෙනසුරාදා දිනයන්හිදි අදාළ ප්‍රදේශයන්හි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගොස් කොවිඩ් එන්නත් ලබා ගැනීමට පහසුකම් සලසා ඇත. එහිදී දරුවාගේ ජාතික හැඳුනුම්පත සහ පාසල් ශිෂ්‍ය වාර්තා පොත ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යය.

(සටහන - හර්ෂා සුගතදාස / ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න)

Comments