දුම්වැ­ටි­ය­ටත් මිල සූත්‍ර­යක් | සිළුමිණ

දුම්වැ­ටි­ය­ටත් මිල සූත්‍ර­යක්

මෙතෙක් ලංකාවේ දුම්කොළ මිල නියම කිරීම ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්ව පැවැති බවත් කෙසේ හෝ මිල වැඩි වුවත් එහි ප්‍රධාන වාසිය සමාගම් විසින් අත්පත් කරගන්නා හෙයින් ඉදිරියේදී සෑම වසරක් පාසාම කිසිම අදිසි හස්තයක බලපෑමකින් තොරව දුම්වැටි මිල ඉහළ නැංවීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බව දුම්වැටි සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ සිළුමිණට පැවැසීය.

මිල සූත්‍රය මඟින් සෑම වසරකම රජයේ ආදායම 6%කින් ඉහළ යාමෙන් 2026 වසර වන විට දුම්වැටි විකිණීමෙන් පමණක් රජයට රුපියල් බිලියන 125ක ආදායමක් අපේක්ෂා කෙරේ.

එසේම මිල ඉහළ යාම නිසා දුම්වැටි විකිණීම ශීඝ්‍ර ලෙස පහළ යාමෙන් දුම්වැටි නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැය වන වියදමද අඩු වන බව සභාපතිවරයා පැවැසීය.

 

 

Comments