කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

වෙරළේදී

 

දිටිමි වෙරළේ

රෝද පුටුවක හිඳි ළඳක්

බලමින් සිටිනු සයුර දෙස

මට එතැනම සිටගැනුණි.

වැල්ලේ රැඳවුණු රෝද පුටුවේ දසුන

පෑය අමුත්තක්....

ඒ විවර අවකාශයේ

නිදහස පතමින්

මැලි වීමි සිටගනුව ඇය ඉදිරිපිට

සිහි කරමින් ඇයට ඇගේ දුබලතාව

නොසිතීමි, ගිල්වා මා දෙපා වතුරේ

දෙවන්නට ඒවාට සාපය ඇගේ

පිහිටුවා මා දෙපා වැල්ලේ

නැරඹුම් පමණකින් තුටු වීමි

මා නොපෙනෙන තැනක සිට...

කීප මොහොතක් ගෙවුණු තැන

නැගී සිටියා ඒ ළඳ

තැබුවා පියවර කීපයක්

රෝද පුටුවෙන් ඔබ්බට.

තිරව සිටගෙන සිය දෙපා මත

වැනසුවාය කවිය.

 

[ඊජිප්තුවේ Gihan Omar කිවිඳියගේ On the Beach පද්‍යය]

 

1971දි ඊජිප්තුවේ ඉපදී ඇති කිවිඳියගේ, පළමු නමේ අරුත 'ලොව' හෝ 'විශ්වය' හෝ යැයි කියවේ. කයිරෝ විශ්වවිද්‍යාලයෙන් දර්ශනය හදාරා උපාධියක් ලබා ඇත. නවකතා හා දර්ශන පිළිබඳ කෘති කියවීමට වැඩි රුචියක් දක්වන ඈ තමන්ගේ කවිය අනෙක් කලාවන්ගේ ප්‍රථිපලයක් සේ දක්වයි. තමන්ට නිශ්චිත යුගයක හෝ ප්‍රවණතාවක හෝ කවිවලට බැඳීමක් ඇතැයි නොසිතන කිවිඳිය, තමන් සියලු ශතවර්ෂවල කවිවලට අයත් යැයි ප්‍රකාශ කරයි.

ඇය Light Feet [2005], Before We Hate Paulo Coelho [2007], Walking Behind the Mirror [2013] යන පද්‍ය එකතුන් පළ කර ඇත.

 

පරිවර්තනය - දේ. වි ගාල්ලගේ

-----------------------------------

පිය සෙනෙ­හස

මවු සෙනෙ­හ­සට කවි පද ගෙතු­නත්
පිය සෙනෙ­හස ද කියා නිම කළ
නොහැකි පෙමක්...

දහ­ඩිය වඟු­රවා සැමදා
වෙහෙසී අප ජිවත් කර­න්නට
නොපෙ­න්නු­වත් ඔ‍බේ විඩාව
මා හද දනිමි පියෙ­කුගේ සෙනෙහේ
මහි­මය කෙ‍ාත­රම්ද කියා..

පද­රුත් තිබුණ මුත්
ඔබේ ගුණ ගයා කිසිදා අප්පච්චි...

නුවන්ති මධු­ෂානි සුබ­සිංහ

මුම්ටාස් කතා කරයි
අග බිසෝ වුණත්
සාජ­හාන් මම නුඹට
නැත නුඹ අවංක වූයේ
මගේ ප්‍රේම­යට
අන් බිසෝ­වරු
තර­හක් නැත කිසිදා
නුඹ සමඟ

දාහ­ත­ර­වෙනි විලි­රුදා
සම­ඟින් සද­හ­ටම
නෙතු පියා ගතිමි
කිසි­ව­කු­ටත් නොපෙන්වා
මගෙ කඳුළු
මා දැවෙන සෑයේ ගිනි
නිවෙ­න්න­ටත් කලි­යෙන්ම
ගත්තාලු නේද මා නැඟ­ණිත්
නුඹෙ සහේට

ටජ්ම­හල ඉදි කෙරු­වාට
නුඹ මා නමට
කියන් කව­දද අවංක වූයේ
නුඹ ප්‍රේම­යට

ඇති දා නැති සෙනෙහේ
කුම­ටද නැති දාට
ලොවට හොරෙන්
කඳුළු හැංගු­වෙමි මම
නුඹෙ ඔය ටජ්ම­හල යට

භවනි පබ­සරා දිසා­නා­යක

-----------------------

මිය­ගිය ප්‍රේමය

බිඳුණ
බඳුන
ඇලවූ පසුත්
දැනේ ඉඳ­හිට
වේද­නාව

ජයන්ත ග. ජෝති­ය­රත්න

--------------------------

දිය­ලුම සොබ­නිය

කොස්ලන්ද නග­ර­යට
නුදු­රු­වම ඇද­හැ­ලෙන
දිය­ලුම දිය ඇල්ල
සොඳුරු දසු­නක් වේය හැම­ටම

සුදු සේල­යක් ඉහළ
සිට පහළ දැමුව සේ
ගල්පර අතර සැඟ­වෙ­මින්
දිය රැලි ඇදෙයි පහ­ළට
වරෙක එය රළුවේ
වැසි සමය උදා­වෙන්

තව වරෙක නිහ­ඬව
මුමුණ මුමුණා ගෙනෙයි
ඇල්ල පසු­ක­ර­මින්
මහ මඟ ගමන් කරනා
දෙස් විදෙස් දන මන බඳින
රස­ඳු­නක් වේය දිය­ලුම

පී. එච්. කුසු­ම් ­ක­රු­ණා­රත්න

-----------------------

“පිපෙන පර­වෙන එක තමයි ප්‍රේමය”

සරා­සඳ ළඟ මාව තනි­කර
කඳුළු තවරා මගේ ඇස් ළඟ
යන්ට ගිය නුඹ,තමයි මගේ සඳ

ඒත්... නුඹ තව දන්නේ නෑ
"පිපෙන පර­වෙන එක
තමයි ප්‍රේමය"

දුන්න දුක මට දරනු බැරි තැන
පංහි­ඳක් ගෙන ලීවා ඔබ ගැන
කඳුළු අත­රින් හීතේ මතු­වන
නුඹයි පද පෙළ හුඟක් දුක්බර
මං ලියු එක තවත් කවි­යක

සඳ වුණත් නුඹ ඈත අහ­සක
පෙම් කලා මං පොළොවේ ඉඳ­ගෙන
ආයෙ­මත් නුඹ නොයෙන වග දැන
පියා ගන්නට හිතුණා මේ මට
කඳුළු එන්න ට තිවුණ ඇස්දෙක

නිශාන්ත දස­නා­යක
 

-------------------------

බොඳව ගිය ඡායාව

වසර තුනක් ලැබු සෙනෙ­හස
මත­කෙට ගන්නට වෙහෙ­සුණි
එන­මුදු එය සිහි­න­යක් ම
බව මා හට අද වැට­හුණි
මහ­මෙර බඳු පිය සෙනෙ­හස
ලබ­නට මට පින් මදි වුණි
රුවල ඉරුණු නෞකා­වක්
ලෙසින් පවුල ගියා විසිරි
අහිමි වන්න ඒ සෙනෙ­හස
සසරේ කළ පින් මදි වුණි
ඡායා­වට සීමා වී
සැමදා මගෙ සිත රිද­විණි
මව, සොයු­රන් තනි වූයේ
මා පුංචි ම බිළිඳු වියේ
මතු උප­දින හැම භවයෙ ම
සියක් ආයු පතමි පියා­ණනේ...

ශ්‍යාමලී විදා­න­ප­ති­රණ
 

---------------------

නුඹට ලියූ කවි

හිතේ ගැඹු­රුම
තැනක හිටි­යත්
මාව හැර ගිය
නුඹ ගැනයි මේ

මගේ හිත අද­ටත්
හොරෙන් නුඹ­ටත්
නුඹ ගැන ඉතින්
සොය­නව මිසක්

නැහැනෙ අයි­ති­යක්
නුඹ­ගෙන් අහන්න
රිදුම් දෙන හිත
සනස ගන්නට

හැර ගියත් මම
කමක් නැහැ නුඹ
හිතක් ළඟ වෙන
දුකක් නොවිඳී නම්

හිත පුරා නුඹ
ලීව සෙනෙ­හස
අදත් සුව­ඳයි
නැතත් නුඹ ළඟ

කල්ප­යක් අපි
එකට ඉන්නැති
ඒ නිසයි දුක
දරා ගනු බැරි

ජය­සෙන් කොඩි­තු­වක්කු

-----------------------

හිරු එළි­යට බය මල්

සඳේ රාගි රැස් වැල­ඳ­ගෙන
අඳුරු පහන් කණු යට පිපෙන
රාත්‍රියේ පෙති විහි­දන
වල් බෝ පැළ ළඟම පුද­දෙන
සය­පෙති මල් වික­සිත වේවි අඳු­රෙම

උතුම් උපා­සක අම්ම­ලාගෙ
රොස් පරොස් ඉව­සන
උපා­සක මහත් හොරු ළඟ අලෙවි වන
මේ මලේ දුක අහන
දනන් වේවිද මේ ලොව

හිරුත් එක්කම තරහ
හිරු නැ‌ෙඟ­න්නට කලින් පර­වෙන
මේ මලින් උප­දින
හිරුත් සම­ඟම වැඩෙන
පුංචි පොහොට්ටු රාශි­යක්
දහ­වල පිබි­දෙයි කවු­රුත් නොහ­ඳු­නන

අනෝමා වඩු­ගො­ඩ­පි­ටිය

-------------------

නුඹ නැතිව

යථා­වත් බොඳ මීදුම
දිවෙයි ඈතට නිම් නැතුව
ඉගි­නි­යක සේයා මවන
සිත­ලයි බොද වුණු පන්හිද

වැර­දුණේ කොත­නද නොදන
දෛවයි ගිගුරූ මනෙත
විස්සෝප නොවෙනා තැනක
ඔබත් මම හිදී දෙතැ­නක

රූ රටා මවනා තනි­කම
ගිනි හෙලයි අකු­රත් මැදිව.
සිහි­නි­යක තුරු­තර නිහින
නිලල් කෙම්බි­මයි හද­ගැබ මාන

නිරා­මි­සව සෙත් කවි සදන
නිර­ර්තක නොවන පිය­බර ගෙතුම
මට හිමි අහිමි සිහි­ලත
ගෙන­හැ­රෙයි මුදු සිත ලතව

සුජිනි හසින්තා
 

----------------------

 

හුදෙ­ක­ලාව

සත් වර්ණෙක සංක­ල­නය
දේදු­න්නක් මත ඇඳුනා
ඉන් බිඳු­වක් සොර­ක­ම්කර
ඇඳි සිත්තමෙ නෙත රැඳුනා

නිල් මොන­රිඳු පිල් කල­ඹෙන්
පිහා­ටු­වක් එහි වැදුනා
ආඩ­ම්බර මයුර කැල්ම
සිත්තමෙ මතුවී පෙනුණා

සිත් අහ­සෙහි පෑයුව සඳ
එය හට පන දී දිලුනා
හද අර­ණෙහි අග තැන්පත්
රැජි­ණිය වී හද බැඳුනා

හිම කන්දට හිරු­රැස් වැද
බිඳ බිඳ දියවී ගැලුවා
ඒ අයු­රට මගෙන් මිදී
ඔබ ඈතට පිය නැගුනා

ඔබ දුන් හද වේද­නාව
නැඟි නැඟි සිත රිද්ද­නවා
කය නවතා ඉගි­‌ෙළන සිත
අතී­ත­යට පිය­ඹ­නවා

අන­න්ත­යෙදි අහස පොළොව
එක විටෙ­කදි හමු­වෙ­නවා
එවැනි සිතුම් සිත­මින් අද
හුද­ක­ලාව රජ­ය­නවා

මයුරි කොඩි­කාර
 

---------------------

සීගි­රිය නිහ­ඬයි

බොහෝ ජනයා ඇවිත් යද්දී
බොහෝ ජනයා කුස පිරෙද්දී
දෙපා පිරි­මැද පඩි ගෙවෙද්දී
සීගි­රිය නම් එදත් නිහ­ඬයි...

කස්සප ද රාවණ ද හොයද්දී
ත්‍රිකෝ­ණෙන් සුදු රුහිරු බොද්දී
කාක්කන් කුණු හාරා කද්දී
සීගි­රිය නම් එදත් නිහ­ඬයි...

වසං­ගත සුළ­ඟක් හමද්දී
පාළු වූ මඟ තණ වැවෙද්දී
අතී­තයෙ රහ හීන වෙද්දී
සීගි­රිය නම් අදත් නිහ­ඬයි
නිවුණු කුස ගිනි ඇවිල එද්දී
අව­න්හල් තැන තැන වැහෙද්දී
ළැගු­ම්හල් මීයන් ළඟිද්දී
සීගි­රිය නම් අදත් නිහ­ඬයි....

විසල් ගග­ණත හිරු නැ‌ෙඟද්දී
අඳුර සම­ඟින් හිරු බසිද්දී
ගිලන් වූ හිත් දිවි යදිද්දී
සීගි­රිය නම් අදත් නිහ­ඬයි...

චන්ද්‍ර මලි­ය­රත්න
 

---------------------

සේපා­ලිකා නිවන් යන­වද

නැඟෙන දින සුරු පිටව යද්දී
සොඳුරු සඳ­වති සිනා සෙත් දී
මිතුරු පිනි­බිඳු බිම වැටෙද්දී
සහන් එළි­යක සිරි මැවෙද්දී

නිසල වන­පෙත සසර කර සිටි
පුතුල ගී හඬ වියකි පළ­ගැටි
දසන් දක්වා සුදෝ කිරි­කැටි
සිනා­සෙන විට ළතණ පිණිකැටි

සිනිදු සීතල හමන මඳ­නළ
සමඟ එක් වි නටන හැම­කළ
තිර පෙමක් නැති වු බමර කැළ
සිතින් නිර­තු­ර­වම ඉවත හල

ගතින් පිරි­සිඳු සිතින් පිංකළ
උවසු උවැ­සි­යන් අත් තුල
බිම වැටු­නත් බුදුන් පා මුල
වැලඳ ගන්නට වරම් ලැබු මල

සඳුත් යන්නට පෙරදි අප හැර
සියොත් ගී නාද­යන් අත හැර
අනිත් තය පා මවු­පි­යන් හැර
වැලඳ ගත්තේ ඇයිද බිම්තෙර

තණ පියන් මත වැතිර ගෙන­හිද
උවැ­සි­යන් හා තුනු රුවන් වැඳ
නිවන් දක්නට තිර වරම් ල ඳ
සේපාලිකා ඔබෙ ගමන ඉව­රද

නන්ද­සිරි වැලි­ග­මගේ

------------------

අතීත වැසි

බස් පාර අද්දර
සෙමෙන් සිය අතු­ප­තර විහි­දු­වන
පිහි­ඹියා ගස් සෙවුණු පෙදෙ­සෙහි
කුඩා රතු පෑ ගොඩ­නැ­ගි­ල්ලෙහි
ඉල්ලු­ම්පත් සුපැ­තු­ම්පත්
ඉව­ර­යක් නැති
නේක බරැති
පාර්සල් ගත්තෝ ද බෝ වෙති

ඒ කිසිත් නැති මා වැන්නන්
තව කිසි­වෙ­කුත් වෙත්ද මෙහි
බලා හොරැ­හින්
කවි­යක් දෙකක් පම­ණක් රැඳි
අව බර
ලියුම් කව­රය දක්වමි

තරාදි රබර් මුද්‍රා ඩක ඩක මැද
අතී­ත­යෙන් ආ වැසි­යෙකි
කුරු­බි­ලි­යෙන් විප­රම් කර
මහා රත්මල් රුවැඳි
කුඩාම මුද්ද­ර­යක් මට දෙන

ඉක්බිති
ලාටු ගෑ කව­රය
අතී­ත­ය­ටම තල්ලු කොට
ආපසු හැරී එන
මද්ද­හන් කණි­සම වුව
ශිම්ලා හි කඳු මුඳු­නත
රාජේශ් ඛන්නා අත බැඳි
ශර්මිලා තාගෝර් සිහි වෙන
ඒ මන්දැයි තවම මට නොහැ­ඟෙන එය කුඩා රතු පෑ ගොඩ­නැ­ගි­ල්ලකි

අමා ඔවිනි අලුත්ගේ

--------------------

ආද­රෙත් හරි කලා­වක්

හිනා­වක් ළඟ නිවී සැන­හෙන
හිතට සින­හව ඉනා­වක්
කඳුළ දැක දැක හිනා නංවන

හිතක ඇත්තෙ ද දයා­වක්
රිදුම් පෑරුම් කළත් නොහැ­රෙන
බැඳුම් ගෙන දෙයි විඩා­වක්
මත­ක­යෙන් බැහැ­ර­කට නොම යන
ආද­රෙත් හරි කලා­වක්

හෂිතා මධු­ෂානි පීරිස්
 

-------------------

සැන­සුම

ලෙඩට සිතට වැල­‌ෙඳන
අතට ඔසුව නොතැ­නෙන
බණට දියත පැව­තෙන
පිහිට දැනේ සැන­සෙන....

මතක පොතේ සට­හන
නෙතක ගැටී අඟ­වන
හිතක රඳන අස­හන
කයක රහස මැල­වෙන ....

සංවර කම වච­නය
ළංකර මන දම­නය
සංකර ගති
තර­ණය
පිංබර සුව සහ­නය...

මැද සිත කය වච­නෙම
ලද සත­පන සැන­සුම
දද ඔස­වන විස­ඳුම
ඇද නොවැටේ තිදො­රම...

දුර­යන හිත නොපෙ­නෙන
පර­දින තැන නොහි­තන
කැර­කෙන ලොව පල­දෙන
පැමි­ණෙන හැටි පව පින...

සුර සිරි සැප රුව යස
සර සන ගත නෙක ලෙස
නර සවි යන පසු බැස

පර වෙන මල් අද­හස...
වචන සදොස් මඟ­හැර
සුදන සිරින් පළ­කර
බණන ඇසෙන සුමි­හිර
නොවන මඟකි අව­හිර ...

තිදොර තැනුව මනු­සත
සසර දිනුව හිත­වත
නිතර හිමිව සුව­සෙත
සතිර දෙලොව යහ­පත ...

නන්ද­සේන පලි­හ­ක්කාර
 

------------------

කවිපොත - මඟහැරෙන තැන්වලයි

ජීවිතය තියෙන්නේ

කර්තෘ - දිස්නා ධනංජනී

මිල රුපියල් - 300/=

කර්තෘ ප්‍රකාශනයකි

 

දිස්නා ධනංජනීගේ මුල්ම කාව්‍ය සංග්‍රහය “මඟහැරෙන තැන්වලයි තියෙන්නේ ජීවිත“ වෙයි. ජීවිතයේ තමන් විදි විවිධ අත්දැකිම් ඇසුරු කර ගෙන ලියු කවි රැසක් මෙහි ඇතුළත් වේ.

ජීවිතය මහ පුදුමය. එක්ව සිටිමියි කියා සිතින් ගතින් පතාගෙන එක්ව වුද කාලයක් යන විට ඒ බැඳිම් දුරස් වන්නේ නොසිතිය හැකි අයුරිනි. තමන් ආදරයෙන් බැඳි සිටින්නන්ගේ ඒ දුරස් වීම හදට ගෙන එන්නේ ශෝකයකි. මේ එවන් බැඳිමක් බිදි ගිය තැනකි. මාතෘකා නැත.

 

ඉස්සරම දවස් වල වැඩට යද්දිත් උදේ

නළලේ තිව් හාදුවේ උණුසුමට හිත නිවේ

දැන් පුදුම කලබලෙන් දුවන්නේ නුඹ ඔහේ

අතීතයේ සුවඳ විත් රවටයි ද හිත මගේ...

 

යහමින්ම අතමිටේ නොතිබුණත් ඒ කාලෙ

නුඹට මට කියන්නට බොහෝ දේ තිබුණානෙ

පුංචි කෙටි පණිවුඩෙන් මහ ගොඩක් තිව් ආලෙ

හොරු අරන් ගියාදෝ හිතෙනවා හැම වේලෙ

 

ගමේ ඉපිද ගමේ හැදි වැඩුන නැඟණිය වැඩි දුර අධ්‍යාපනයට කොළඹට එනවා යැයි කියන විටම වැඩිහිටියන්ට ඇත්තේ බියකි. ඒ නොයෙක් විසූක දස්සනයන් ඇති කොළඹ රටේදී තම දියණි, නැඟණිය මඟ වරද්දා ගනීවී යැයි සිතේ ඇති බිය නිසාය. තම නැඟණිය කොළඹට එනදා අයියා විසින් ඇයට අවවාද දෙන්නේ එබැවිනි. එය සහෝදර හැඟිමයි. තම බාල සොහොයුරිය ගැය ඇති ආදරය බිය සියල්ල එහි කැටිව ඇත. මාතෘකව දැනමුතුකම් අයියාගෙනි.

 

කොළඹ රටේ හැටි උඹ තව දන්නෑ

උඹටම තේරෙයි තව කල් යද්දි

නා නා විදිහේ විසූකදස්සන

හුඟක් දකියි මඟතොට යද්දි

 

උඹට ඹබින්නැති ඇවතුම පැවතුම්

ගොඩක් තියෙයි නගරෙක ඉද්දි

ගෙදරින් පිටවු ඒ පොඩි කෙල්ලම

ලෙසට වරෙන් ගම රට එද්දි...

 

නිවෙසින් පිටව යන නංගිලා ගැන හැම අයියා කෙනෙකුටම ඇත්තේ එවැනි පැතුමකි.

ජීවිතයට විවේකයක් ලැබෙන්නේ බොහෝ අඩුවෙනි. නමුදු ඒ නොලැබෙන විවේකය තුළ එකි්නෙකා ජීවිතය හුවමාරු කරගෙන ජීවත් වෙති. පවුල් ජීවිතයක වුවද එසේමය. දහසක් බාධක කම්කටොලු මැද්දේ දිවි ගෙවන විට ජීවිතය හෙම්බත් වේ. එකිනෙකාට ජීවිතය බෙදා ගන්නට ඉඩක් නැති තරමට වැටය. මවු පිය දූදරු සබඳතා ද ඇත්ව යන්නේ එවිටය. පවුල් ජීවිතය ද එසේය. පිරිමින් මෙන් නොව ගැහැනිය හැම විටම සොයන්නේ සෙනෙහසයි . ආදරයියි . දැවටි දැවටී ඉන්නටයි. නමුදු මේ කාර්යයබහුල සමාජය තුළ එසේ බැරිය. එවිට මඟ හැරි යන්නේ පවුල් ජීවිතයයි.මාතෘකාව මඟහැරෙන තැන්වලයි තියෙන්නේ ජීවිතය.

මහත්තයෝ ඔයා තාමත් වැඩද

ඊයෙත් බලාන උන්නෙම දෙයක් අහන්න

කොම්පියුටරේටම සින්න වෙලානේ මුහුණ

ඒ නිසයි නොකියාම ගියෙ ආයෙම කුස්සියට...

ගැනූ හිත් බොළඳ ඇති ඒ තමයි ආදරය

ටිකක්වත් අඩු වුණොත් දැනෙන්නේ ගින්දරය

හැම දේම දරන්නට හැකිය සේ සාගරය

මඟහැරෙන තැන්වලත් හොයන්නෙම ජීවිතය...

ප්‍රේමය, ආදරය, පවුල් බැඳිමට වැඩි ඉඩක් වෙන් කෙරුණ “මඟහැරුන තැන්වලයි තියෙන්නේ ජීවිතය“ කාව්‍ය සංග්‍රහය තවත් බෝ දුර යා හැකි කිවිදියකගේ නිර්මාණ එකතුවක යැයි හැගේ. ඇය තව තවත් අභ්‍යාසයේ යෙදේනම් ඇගේ කවි මඟ තවත් ඔපවනු ඇත

ඔබේ කවි නිර්මාණ පහත ලිපිනයට එවන්න
කවි සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.
විද්යුත් තැපෑල

[email protected]

  

Comments