හොකී සම්මාන උළෙලටත් ප්‍රේක්ෂක ආකර්ෂණය බලපෑවා ද? | සිළුමිණ

හොකී සම්මාන උළෙලටත් ප්‍රේක්ෂක ආකර්ෂණය බලපෑවා ද?

 

'සම්මානිත වීම එක් දෙයකි. සම්මාන උළෙලකට රිංගා එහි ඇති සම්මාන මේසය ම රැගෙන යෑම තවත් එකකි. එහෙත් එවැනි විරල අවස්ථාවන් ද ක්‍රීඩාව තුළ නැත්තේ නොවේ. මේ අන්තර්ජාතික හොකී සම්මාන උළෙලේ දී වාර්තා වූ එවන් අවස්ථාවකි.'

අන්තර්ජාතික හොකී සම්මේලනය වාර්ෂිකව සිදු කරනු ලබන ඉසව් අතර ප්‍රමුඛත ම තැනක් ගන්නා තරු සම්මාන උ‍ෙළලේ මෙවර තෑගි මේසයම බෙදා ගැනීමට අසල්වැසි ඉන්දියාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූ හ.

වසරක නිහඬතාවකින් පසු ව ක්‍රියාත්මක වී ඇති අන්තර්ජාතික හොකී සම්මේලනය හොකී තරු සම්මාන ප්‍රදානෝත්සවය සඳහා දැන් සූදානම් ව සිටින්නේ ඒ අනුව යමින්.

මෙවර සම්මානලාභීන් තෝරා

ගැනීම සඳහා එළි දක්වා තිබුණු ක්‍රමවේදයට එරෙහිව රටවල් විශාල ප්‍රමාණයක් ජාත්‍යන්තර හොකී සම්-මේලනයට ඇඟිල්ල දිගු කර තිබුණේ එමඟින් නියම සුදුස්සාට තැනක් නොලැබෙන බව පවසමින්. දැන් එය යථාර්ථයක් බවට පත්ව තිබෙනවා.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි අංශයේ රන් පදක්කම්ලාභී බෙල්ජියමට හෝ රිදී පදක්කම්ලාභී ඔස්ට්‍රේලියාවට මෙන් ම කාන්තා අංශයේ රන් පදක්කම් ලාභී නෙදර්ලන්තයට හා රිදී පදක්කම් ලාභී ආජන්ටිනාවට හා ලෝකඩ පදක්කම්ලාභී මහා බ්‍රිතාන්‍යයට ද ප්‍රධාන සම්මාන හිමි නොවීම එහි ප්‍රතිඵලයක් ලෙස කැපී පෙනෙන්නක්.

අවුරුදු 41 කට පසුව ක්‍රියාත්මක වෙමින් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි ලෝකඩ පදක්කම ඉන්දියාව විසින් දිනා ගන්නා අතර වාරයේ 04 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට එරට කාන්තා පිලට සිදුවුණා. ඉන්දීය රජය සහ එහි ප්‍රජාව මෙම ජයග්‍රහණය වැළඳ ගත්තේ රන් පදක්කමකටත් වඩා වැඩි වටිනාකමක් ලබා දෙමින්. එහි කූටප්‍රාප්තිය දැකගන්නට ලැබෙන්නේ මෙවර සම්මාන ලාභීන් නම් කිරිම උදෙසා ක්‍රියාත්මක කෙරුණු මනාප පිරික්සීමේදීයි. ඒ අනුව වැඩිම මනාප ප්‍රතිශත වාර්තා කර ගන්නට ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වුණා. ඒ් ලොව ප්‍රබල හොකී රාජ්‍යයන් පසුපසට ඇද දමමින්.

ලෝක මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන හොකී තරග මාලාවන් ආශ්‍රිතව විශිෂ්ට ක්‍රීඩා විලාසයන් ප්‍රදර්ශනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයමින් සම්මාන ප්‍රදානය කිරීම ඇරැඹුණේ 1998 පටන්.

දිදුලන තාරකා එළියෙන් ආලෝ-කමත්ව තිබුණු ලෝක හොකී සම්මාන උළෙල පසුගිය 2020 වසරේ දැක ගැනීමට නොහැකි වූයේ ‘කොවීඩ් - 19’ වසංගත තත්තවය හේතුවෙන්.

ඒ අනුව ලෝක හොකී කෙළිබිම නම් අහස් කුස වැහිබර වලාකුළින් බරව දිදුලන තාරකා සොයා ගැනීමට පවා නොහැකි තත්ත්වයට කොරෝනා වෛරසය එල්ල කර තිබුණේ තදබල පහරක්. එහි අතුරු ඵලයක් ලෙස ජාත්‍යන්තර මට්ටමේ හොකී තරග රැසක් ද අවලංගු කෙරුණා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය දැන් දැන් සමනය වෙමින් යන ආකාරයක් දිස් වන හෙයින් ජගත් කෙළිබිම යළි ප්‍රබෝධවත් වන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. එහි ප්‍රති-ඵලයක් ලෙස ‘2020 ජනවාරි සිට 2021 ඔක්තෝබර්’ දක්වා කාලය තුළ ප්‍රදර්ශනය කළ දක්ෂතාව හා කුසලතාව ඒකාබද්ධ කරමින් හොකී සම්මාන උළෙල පැවැත්වීමට ජාත්‍යන්තර හොකී සම්මේලනය දැන් යුහුසුලු වීයි සිටින්නේ.

එහිදී සම්මානයට පාත්‍ර වන ක්‍රීඩක ක්‍රීඩීකාවන් ද ඉතිහාසයට එක් වන්නේ හොකී අහස් තලය ඒකාලෝක කළ තාරකා ලෙසින්. ලෝක කුසලාන තරගාවලිය, ඔලිම්පික් ක්‍රීඩා උළෙල, ශූරයන්ගේ කුසලාන තරගාවලිය, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සහ මහාද්වීප තරගාවලියන් ආශ්‍රිතව ප්‍රදර්ශනය කරන දක්ෂතා මෙම ජගත් හොකී සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ඉවහල් කර ගැනීම සම්ප්‍රදායක්. එහෙත් මෙවර සම්මාන ප්‍රදානෝත්සවයට සලකා බැලුණේ 2021 ජූලි මස 23 සිට අගෝස්තු මස 08 දක්වා ජපානයේ ටෝකියෝ අගනුවර දී ක්‍රියාත්මක කෙරුණු 32 වැනි ඔලිම්පික් ක්‍රීඩා

උළෙල හා වෘත්තීය ලීග් හොකී තරගාවලිය යි.

අනතුරුව ක්‍රීඩා ලෝලීන්ගේ මෙන් ම ජාත්‍යන්තරයේ හොකී ක්‍රීඩාවේ නිම-ග්න ජාතික සංගම්හි පුහුණුකරුවන්ගේ සහ නායකයන්ගේ හා හොකී මාධ්‍යවේදීන්ගේ මත විමසීමකට ලක් කෙරුණු අතර එහිදී ප්‍රතිශත වශයෙන් ගෙන හොකී තරු ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව මෙවර ලොව විශිෂ්ටත ම ක්‍රීඩකයා ලෙස ඉන්දීය ජාතික කණ්ඩායමට නායකත්වය දෙන ‘හර්මන්ෆීට් සිං’ නම් කෙරුණා.

ඉකුත් 2019 වසරේ ද ලොව විශි-ෂ්ටතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබූ ‘හර්මන්ෆට් සිං’ එම සම්මානය ලත් පළමු ඉන්දියානුවා.

කෙටි ආන්තික පහර ආශ්‍රිතව විශිෂ්ටත්වයට පත් ව සිටින ‘ගුර්ජිත් කෞර්’ වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙස නම් කර තිබේ.

මෙවර දක්ෂත ම ගෝල් රකින්නා හා රකින්නිය ලෙස පිළිවෙළින් ‘පී.ආර්.ශ්‍රීජේෂ්’ හා ‘සවීටා පූනියා’ සම්මාන ලැබීමට නියමිතයි. මොවුන් දෙපළ ම ඉන්දියාවේ අංක එකේ ගෝල් රකින්නා සහ ගෝල් රකින්නිය යි.

පිට පිට දෙවැනි වතාවටත් ‘විවේක් ප්‍රසාද්’ අනාගත හොකී ලොව ජය ගත හැකි ක්‍රීඩකයා ලෙස නම් කර ඇති අතර, අනාගත බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩිකාව ලෙස නම් කර ඇත්තේ ‘ෂර්මිලා දේවී’ යි.

ඉන්දීය පිරිමි කණ්ඩායමේ පුහුණුකාර ඔස්ට්‍රේලියානු ජාතික ‘ග්‍රැහැම් රීඩ්’ සහ

ඉන්දීය කාන්තා කණ්ඩායමේ පුහු-ණුකාර නෙදර්ලන්ත ජාතික ‘ස්ජෝර්ඩ් මරිජ්නි’ පිළිවෙළින් වසරේ විශිෂ්ටත ම පිරිමි සහ කාන්තා පුහුණුකරු ලෙස සම්මාන ලබන්නේ භාරත හොකී ලෝලීන්ගේ උත්කෘෂ්ට මනාපයත් සමඟිනි.

ඒ ඉකුත් වර පිරිමි දක්ෂත ම පුහුණුකරුවා ලෙස සම්මාන ලැබූ නවසීලන්ත ජාතිකයකු වන බෙල්ජි-යමේ ‘ශේන් මැක්ලියෝඩ්’ දෙවැන්නා බවට ද දක්ෂතම කාන්තා පුහුණුකාරිනිය ලෙස තිළිණ ලැබූ නෙදර්ලන්තයේ ‘ඇලිසන් අන්නන්’ දෙවැන්නිය බවට ද පත් කරමිනි.

මෙම තරු සම්මාන ප්‍රදානෝත්සවය ආරම්භ කරමින් පවත්වන ලද 1998 දක්ෂත ක්‍රීඩිකා කිරුළට හිමිකම් පෑවේ ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කළ"ඇලිසන් අන්නන්" ය.

සපුමල් වීදියබණ්ඩාර

Comments