කෝටි දෙකක් වටිනා විෂ දුම්වැටි තොගයක් අත්අඩංගුවට | Page 2 | සිළුමිණ

කෝටි දෙකක් වටිනා විෂ දුම්වැටි තොගයක් අත්අඩංගුවට

රැපියල් කෝටි දෙකක් වටිනා නීති විරෝධීව මෙරටට ආනයනය කළ විෂ දුම්වැටි 2,64,200 ක් සමග සැකකරුවන් දෙදෙනකු බියගම ගෝනවල හා වත්තල  ප්‍රදේශ වලදී ඊයේ සවස  (11)  විශේෂ කාර්ය බලකායේ සංවිධානාමක අපරාධ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත .
 
බියගම ගෝනවල කොහල්විල මාර්ගයේදී ලද තොරතුරක් මත ඊයේ (11) දා සවස  නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද විදේශීය දුම්වැටි 6,800 ක් සමග වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත .                                           
 
එම සැකකරැගෙන් අනාවරණය කරගත් තොරතුරු මත බියගම ගෝනවල ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ  පැලැටිනම් වර්ගයේ දුම්වැටි  21,900 ක් හා මැන්චෙස්ටිි වර්ගයේ දුම්වැටි 38,400 ක් සමග එම නිවසේ පදිංචි වයස අවුරුදු 48 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත .                                                                       
 
තීරැබදු රහිතව රජයේ අවවාදය සටහන්ව ⁣නොමැතිව මෙරටට ආනයනය කළ විෂ දුම්වැටි තොගය සමග අදාල සැකකරැවන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා කැලණිය පොලීසිය වෙත භාරදී ඇත .    
 
විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරැණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකක දෙකෙහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.ආර්. පාරමුල්ල ,උප පොලිස් පරීක්ෂක පී.කේ. වන්නිආරචිිචි ඇතුළු නිලධාරීන් මෙම වැටලීමට එක්වී ඇත.

Comments