අභ්‍යාසලාභී උපාධිධාරීන්ට සුබ පණිවිඩයක් | Page 2 | සිළුමිණ

අභ්‍යාසලාභී උපාධිධාරීන්ට සුබ පණිවිඩයක්

අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම සදහා ජනාධිපතිතුමා විසින් පත් කර ඇති විශේෂ කැබිනට් අනුකාරක සභාව, එහි සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි.
 
ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ බඳවාගනු ලැබූ 58,000 ක් වන අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම සදහා පත් කර ඇති විශේෂ කැබිනට් අනුකාරක සභාව, එහි සභාපති අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(11)  පෙරවරුවේ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ දී රැස්විය.
 
එම කැබිනට් අනුකාරක සභාවේ දෙවන රැස්වීම මෙයයි.
 
මෙහි සාමාජිකයන් වන්නේ සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන (සභාපති) , රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව   නානායක්කාර යන අමාත්‍යවරුන්ය. 
 
ඊයේ පැවැති රැස්විමට එම අමාත්‍යවරු මෙන් ම අදාළ අමාත්‍යාංශ නිලධාරීහු ද සහභාගි වූහ.
 
අභ්‍යාසලාභී උපාධිධාරීන් අනුයුක්ත කර සිටින එක් එක් අමාත්‍යාංශවල, එම උපාධිධාරීන් ස්ථිර කිරීම සදහා වන ප්‍රගතිය මෙම රැස්විමේ දී තවදුරටත් විමසා බැලූ බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
 

Comments