අය­වැය යෝජනා ගන්න ඇමැති බැසිල් ගමට යයි | සිළුමිණ

අය­වැය යෝජනා ගන්න ඇමැති බැසිල් ගමට යයි

2022 අය­වැය සඳහා පිළි­ය­න්දල ප්‍රදේ­ශයේ යෝජනා ලබා­ගැ­නීම සඳහා කැස්බෑවේ පැවැති සම්ම­න්ත්‍ර­ණය  විදු­ලි­බල ඇමැති ගාමිණී ලොකුගේ ගේ  ප්‍රධා­න­ත්ව­යෙන් සැප්තැම්බර් මස පැවැත්වූ අයුරු.
2022 අය­වැය සඳහා පිළි­ය­න්දල ප්‍රදේ­ශයේ යෝජනා ලබා­ගැ­නීම සඳහා කැස්බෑවේ පැවැති සම්ම­න්ත්‍ර­ණය විදු­ලි­බල ඇමැති ගාමිණී ලොකුගේ ගේ ප්‍රධා­න­ත්ව­යෙන් සැප්තැම්බර් මස පැවැත්වූ අයුරු.

ටක අයවැය මුළු රටේම ජනතාවට බලපාන වසරකට එක් වරක් පමණක් ඉදිරිපත් කරන සුවිශේෂි ලේඛනයකි.

එය මුළු රටේම ජනතාවට බලපෑවත් 2018 වසර තෙක්ම එය සකස් කළේ මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම් අංශවල බලධාරින්ගේ නිලධාරීන්ගේ මති මතාන්තර අනුවය.

නමුත් මෙවර වත්මන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන්ගේ අදහසක් අනුව අයවැය සඳහා රටේම ජනතාවගේ සමිති සංවිධානවල අදහස් ලබා ගැනීම දැන් සිදු කෙරෙමින් පවතී.

මේ යටතේ දැනටමත් ප්‍රාදේශීය පළාත් පාලන ආයතනවල වත්මන් නියෝජිතයන්ගේ අදහස් ලබාගැනීම පිණිස දැනටමත් රටපුරා ප්‍රාදේශීය සාකච්ඡා සම්මන්ත්‍රණ 144ක් පවත්වා තිබේ.

එම සම්මන්ත්‍රණ සාකච්ඡාවලදී ජනතාවට දැනුම් දෙනු ලැබුවේ ගම හා ගමේ සංවර්ධනයට ගමේ ජනතාවගේ අදහස් ප්‍රධාන මාතෘකා 4ක් යටතේ ලබාදෙන ලෙසය. එමෙන්ම පොදු ජන පෙරමුණ මැතිවරණ සමයේ සිදු කළ ‘ගම සමඟ පිළිසඳර‘ යටතේ ඉදිරිපත් කළ යෝජනා ද මෙවර අයවැයට ඉදිරිපත් කෙරේ.

ඒ අනුව ජීවනෝපාය සංවර්ධනය, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය, පරිසර හා තිරසර සංවර්ධන කටයුතු හා සමාජ සුබසාධන කටයුතු සංවර්ධනය යන ක්ෂේත්‍රවලට අදාළ ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කරන ලෙස එම ප්‍රාදේශීය සංවර්ධන රැස්වීම්වලදි ග්‍රාමීය නායකයන්ට දැනුම් දෙනු ලැබීය.

මෙරට ග්‍රාමීය ජනතාවගේ අදහස් මෙරට තිරසර සංවර්ධනයට අත්‍යවශ්‍ය බව තේරුම් ගත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන් මෙම ග්‍රාමීය අදහස් ලබාගන්නේ හුදෙක් මෙවර අයවැයෙන් ග්‍රාමීය සංවර්ධනයට මෙතෙක් නොවූ විරූ මුදලක් වෙන්කිරීමට යෝජිත බැවිනි.

මුදල් අමාත්‍යාංශය යෝජනා කර ඇති පරිදි 2022 අයවැය මඟින් මෙරට සෑම ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරයකුටම රුපියල් මිලියන 100 (කෝටි 10) බැගින් තම බල ප්‍රදේශයේ සංවර්ධනය සඳහා ලබාදීමට යෝජිතය. ඒ සමඟම මෙම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල උප සභාපතිවරුන්ට ද රුපියල් දසලක්ෂ 20ක් (කෝටි 2ක්) ලබාදීමට සැලසුම් කර ඇත.

ඒ අනුව අපේ රටේ ඇති ප්‍රාදේශීය සංවර්ධන කමිටු 331 සඳහා ලැබෙන මුළු මුදල කෝටි 5000 කට වැඩිය. මෙවැනි මුදලක් අයවැයක් මඟින් වෙන් කරන ප්‍රථම අවස්ථාව මෙයයි. ඒ අනුව බලධාරින් කළ යුත්තේ මේ මුදල මඟින් ප්‍රදේශයට වඩාත් ඵලදායී වන ව්‍යාපෘති යෝජනා කිරීමයි.

ඉහත ක්ෂේත්‍රවලට අදාළව සිදු කළ යුතු නව ව්‍යාපෘති පිළිබඳ යෝජනා ඔක්තෝබර් 31 වැනිදාට පෙර මුදල් අමාත්‍යාංශයට එවිය යුතුව ඇත.

ඒ සමඟම මෙරට ඇති ග්‍රාම නිලධාරි වසම් 14022 සඳහාම 2022 අයවැය මඟින් මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් ලක්ෂ 30 බැගින් නව ව්‍යාපෘති සඳහා ලබාදීමට නියමිතය. ඒ අනුව ගමේ ආගමික නායකයන්, ස්වේච්ඡා සංවිධාන නායකයන්, දේශපාලන නායකයන් හා රජයේ නිලධාරින් එක්වී සුදුසු යෝජනා ඔක්තෝබර් 31 වැනිදාට පෙර ඉදිරිපත් කළ යුතුව ඇත.

ඒ අනුව මෙරට ග්‍රාමීය සංවර්ධනයට ග්‍රාම නිලධාරි මට්ටමෙන් ලැබෙන මුදල රුපියල් කෝටි 4206 ක් පමණ වේ. මේ සමඟම මෙරට ප්‍රථම වරට වත්මන් පක්ෂ විපක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරුන් සඳහා 2022 තම වසමේ සංවර්ධනය සඳහා රුපියල් දසලක්ෂ 4 බැගින් ලබා දීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව මුළු රටේම සංවර්ධනය සඳහා පළාත් පාලන නියෝජිතයන් සඳහා රුපියල් කෝටි 6000 ක් පමණ ලබාදීමට අපේක්ෂිතය. ඒ මුදල් ලබා ගැනීමට තම වසමේ සුදුසු සංවර්ධන කටයුතු පිළිබඳ ව්‍යාපෘති වාර්තා ඔක්තෝබර් 31 වැනි දිනට පෙර යොමු කළ යුතු බවට ඒ අයට දන්වා ඇත.

එම යෝජනා ලබා ගැනීමේ රැස්වීම් ද දැන් රටපුරා ගම් මට්ටමින් පැවැත්වෙන බව පළාත් සභා අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අපේ රටේ සිටින පළාත් පාලන මන්ත්‍රීවරුන් සඳහා රුපියල් කෝටි 6000 කට ආසන්නව තම බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා ලැබෙනු ඇත.

මෙහි විශේෂත්වය වන්නේ මේ මුදල පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුනට පක්ෂ භේදයකින් තොරව ලබාදීම බව පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මෙවර අයවැය සඳහා අදහස් ලබා ගැනීමේ සම්බන්ධීකරණය කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නෙළුම් මාවත ප්‍රධාන කාර්යාලය විසිනි. ඒ අනුව එහි නිලධාරිහු එම කටයුත්ත උපරිම අන්දමින් සිදුකරති. ඒ එහි ප්‍රතිලාභය රටේම ජනතාවට ලැබෙන බැවිනි.

මේ අතර 2022 අයවැය සඳහා පොදු ජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලබා ගැනීමේ සාකච්ඡාවක් පසුගියදා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන් සංවිධානය කළ මෙම හමුවේදි ග්‍රාමීය ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් ඉටු කළ යුතු කාර්යයන්, ජාතික මට්ටමින් අවධානය යොමු කළ යුතු කාර්යයන් සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම යන අංශ සඳහා පසුපෙළ මන්ත්‍රී යෝජනා ලබාගැනීම සිදුවිය.

දේශීය කාබනික කෘෂිකර්මාන්තය නඟා සිටුවීම, අපනයන නිෂ්පාදනය ඉහළ දැමීම, කර්මාන්ත සහ සේවා අංශය වෙත ග්‍රාමීය ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම, සාම්ප්‍රදායික නිර්මාණකරුවන් නඟා සිටුවීම, සංචාරක ක්ෂේත්‍රය නඟා සිටුවීම, ධීවර ක්ෂේත්‍රය සම්බන්ධව පුළුල් සංවර්ධනයකට ලක්කිරීම, මල් සහ විසිතුරු පත්‍ර වගාකරුවන් නගාසිටුවීම, සත්ත්ව නිෂ්පාදන අංශය වර්ධනය කිරීම ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි පසුපෙළ මන්ත්‍රීවරුන් මෙහිදී යෝජනා ඉදිරිපත් කර ඇත.

මෙහිදී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන් ප්‍රකාශ කළේ; මීට පෙර මහින්ද රාජපක්ෂයන් ජනාධිපතිවරයකු මෙන්ම මුදල් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ කාලයේදී ද රටේ විවිධ අංශ නියෝජනය වන පරිදි ඊට අදාළ පිරිස්වලින් අයවැය යෝජනා ලබා ගත් බවයි. එය ඉතා සාර්ථක වුණා. ඒ නිසා මෙවර 2022 අයවැය සඳහා විවිධ පාර්ශ්වයන්ගෙන් හැකි උපරිම අන්දමින් යෝජනා ලබා ගන්නා බව කීය.

මේ අතර මෙවර අයවැය පිළිබඳ ව කරුණු දක්වන තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණය හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂයන් පවසන්නේ ‘මෙවර අයවැයෙන් වැඩි මුදල් ප්‍රමාණයක් ජීවනෝපාය සංවර්ධනයට වැය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථියක් බිහි කරන බවයි.

එමනිසා ජාතික ආර්ථිකය නගා සිටුවීම සඳහා රට තුළ දේශීය ව්‍යවසායකයන් බිහි කිරීම හා නිෂ්පාදන ආර්ථියක් මඟින් රට ස්වයංපෝෂිත කිරීම පිණිස මෙවර අයවැය ඉදිරිපත් කිරීමට නියමිත බවද නාමල් රාජපක්ෂ ඇමැතිවරයා කීය.

ග්‍රාමීය කමිටු හා පොදුජන පෙරමුණේ ශාඛා නිලධාරින් ඇතුළු ජනතාව ඉදිරිපත් කරන යෝජනා අනුව මෙවර අයවැයෙන් සියයට 40ක මුදල් ප්‍රතිපාදන ජීවනෝපාය සංවර්ධනයට යොදවන බවත්, තවත් සියයට 40ක් පොදු යටිතල පහසුකම් සංවර්ධනයට යොදවන බවත් නාමල් රාජපක්ෂ ඇමැතිවරයා පවසයි. ඊට අමතරව පරිසර හා තිරසර සංවර්ධනයට සියයට 10ක්ද, සමාජ සුබ සාධනය හා සමාජ සංවර්ධනයට අයවැයෙන් සියයට 10ක් වෙන් කිරීමට සැලසුම් කර ඇත.

මේ සියලු කටයුතුවලට අමතරව 2022 වසරේදි රජය මඟින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට ද දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන කටයුතු සඳහා ද ලබන වසරේ අයවැය මඟින් මුදල් ලබාදීමටද යෝජිත බව මුදල් අමාත්‍යාංශ තොරතුරුවලින් හෙළි වෙයි. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන්ගේ අදහසක් අනුව අපේ රට පුරාම ග්‍රාමීය සංවිධාන නියෝජිතයන්, පොදු පෙරමුණු ශාඛා නිලධාරින්, රාජ්‍ය නිලධාරින් හා විද්වතුන්ගේ අදහස් යෝජනා අනුව මෙවර සකස්වෙන 2022 අයවැය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජන හිතකාමී හා ග්‍රාමීය සංවර්ධනයට මුල් තැන දෙන අයවැයක් වනු නොඅනුමානය. ඒ අනුව එහි වැඩි ප්‍රතිලාභ හිමි වන්නේ අපේ රටේ සියලු ජනතාවට බව සෑම දෙනා සිතට ගත යුතුව ඇත.

ගම්පහ ගම් රැස­කට ජලය දෙන කැලණි ගඟ  වම්ඉ­වුර ජල­ස­ම්පා­දන යෝජනා ක්‍රමය
සිංහ­රා­ජය - ලංකා­ගම - නෙළුව මාර්ගය ඉදි­කි­රීම
ගම් රැස­කට විදු­ලිය දෙන “තම්බ­ප­වනී” සුළං විදුලි බලා­ගා­රය
“මඟ නැඟුම” යටතේ ගමේ මාර්ග ඉදි­කි­රීම

 

 

Comments