SLIIT, ක්වීන්ස්ලන්ත සහ­යෝ­ගි­තා­වෙන් සිසුන්ට ගෝලීය මට්ටමේ අධ්‍යා­පන අවස්ථා | සිළුමිණ

SLIIT, ක්වීන්ස්ලන්ත සහ­යෝ­ගි­තා­වෙන් සිසුන්ට ගෝලීය මට්ටමේ අධ්‍යා­පන අවස්ථා

උසස් තත්ත්වයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලබා දීම ලංකාවේ ප්‍රමුඛයා වන SLIIT විසින් UQ ඉංජිනේරු විද්‍යාව සහ ව්‍යාපාර උපාධි හැදෑරීම සඳහා හුවමාරුවීම් සපුරා දීම වෙනුවෙන් ලොව කීර්තිමත් ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය (University of Queensland) සමඟ ගිවිසුම්ගත වෙමින් ගෝලීය මට්ටමේ විශිෂටතාවයන් තවත් පියවරකින් පුළුල් කර තිබේ

UQ යනු ඕස්ට්‍රේලියාවේ පිහිටි ප්‍රමුඛ පෙළේ පර්යේෂණ විශ්ව විද්‍යාල වලින් එකක් වන අතර එය ලොව හොඳම අධ්‍යාපන ආයතන 50 අතරට ශ්‍රේණිගත කර ඇත. එය කීර්තිමත් යුනිවර්සිටාස් 21(Universitas 21) හි සාමාජිකයෙකු වන අතර ජී-අට (G - 8) විශ්ව විද්‍යාල වල ආරම්භක සාමාජිකයෙකි. මීට අදාළ ගිවිසුම් අත්සන් කිරීමේ උත්සව අවස්ථාව මාර්ගගත සූම් තාක්ෂණය ඔස්සේ පසුගියදා අත්සන් කරනු ලැබූ අතර, ඒ සඳහා SLIIT සහ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ (UQ) සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකු සහභාගී විය. UQ නියෝජනය කරමින් උප කුලපති සහ සභාපති මහාචාර්ය ඩෙබොරා ටෙරී අඕ, උප උපකුලපති ආචාර්ය ජෙසිකා ගැලැගර්, (ගෝලීය සබඳතා සහ ව්‍යවසායකත්ව), විධායක පීඨාධිපති මහාචාර්ය ඇන්ඩෘ ග්‍රිෆිත්ස්, ව්‍යාපාර, ආර්ථික විද්‍යාව සහ නීතිය පිළිබඳ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් රාකීච් - සහකාර පීඨාධිපති (බාහිර සබඳතා) ඉංජිනේරු පීඨය, ගෘහ නිර්මාණ ශිල්පය සහ තොරතුරු තාක්ෂරණය යන අංශවල ආචාර්ය මහාචාර්යවරු සහභාගී විය.

Comments