SINGER – SIGNATURE නව­තම Concept Center කොළ­ඹදී විවෘත වේ | සිළුමිණ

SINGER – SIGNATURE නව­තම Concept Center කොළ­ඹදී විවෘත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ උපකරණ බෙදා හරින්නා වන සිංගර්, මැලේසියාවේ Signature සමූහ ව්‍යාපාරය සමඟින් අත්වැල් බැඳ ගනිමින් ලොව ප්‍රමුඛ පැන්ට්‍රි කබර්ඩ්ස්, wardrobe, TV ඩිස්ප්ලේ ඇතුළු නවීන මාදිලියන්හි ගෘහ භාණ්ඩ රැසක් දේශීය පාරිභෝගිකයා වෙතට හඳුන්වා දෙමින් සිටියි. වර්තමානයට ගැළපෙන, ආකර්ෂණීය නිමාවන් සමඟින් ඉහළම තත්ත්වය සංකලනය කරමින් නිෂ්පාදනය කෙරුණු මෙම උපකරණ සඳහා එහිවූ යුරෝපියානු පෙනුම හේතුවෙන් ඉහළ පාරිභෝගික ප්‍රතිචාර ලබයි.

ලොව ප්‍රමුඛ මෙම භාණ්ඩ/සේවා සහ විසඳුම් වෙත පාරිභෝගිකයා හට වඩාත් පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙමින් සිංගර් කණ්ඩායම විසින් මෑතකදී සිය ප්‍රථම Signature Concept Center කොළඹදී විවෘත කරන ලදී.

මෙම Concept Center, සියලුම ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් නවීන සේවා පහසුකම්ද සමඟින්, Signature සන්නාමයේ භාණ්ඩ රැසක් ප්‍රදර්ශනය කරයි. ඩුප්ලිකේෂන් පාර, කොළඹ යන ලිපිනයෙහි පිහිටි මෙම Concept Center හි, වඩාත් උසස් පාරිභෝගික අත්දැකීමක් ලබාදීම සඳහා වූ දැනුම් කලාපයක්ද පවතී. මෙහිදී, පාරිභෝගිකයින්ට ඔවුන්ට සිතැඟි පරිදි, නිවසට, කාර්යාල ස්ථානයට හෝ වෙනත් ඕනෑම ස්ථානයකට ගැළපෙන නිෂ්පාදන, අපගේ දක්ෂ සහ පළපුරුදු සේවක මණ්ඩලයේ උපදෙස් සහ නිර්දේශයන් මත වඩාත් පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව හිමිවේ.

Signature සන්නාමය යටතේ මෙම ගෘහ භාණ්ඩ ශ්‍රී ලංකාව තුළම නිෂ්පාදනය කරගැනීමේ බලාපොරොත්තුව ඇතුව, සිංගර් විසින් පිළියන්දල ප්‍රදේශයේ පිහිටි සිය දේශීය නිෂ්පාදන ආයතනයේ ව්‍යාපාර කාර්යයන්ද පුළුල් කරන ලදී.

මැලේසියාවේ Signature සමූහය යටතේ මනා පුහුණුව ලත් හා සුදුසුකම් ලත් කණ්ඩායමක් සමඟ මෙම අති නවීන කර්මාන්තශාලාව ක්‍රියාත්මක වේ.

Comments