ෆයි­බර් තාක්ෂ­ණ­යෙන් රට දින­වන SLT-MOBITEL ‘Fibre of the Nation’ | සිළුමිණ

ෆයි­බර් තාක්ෂ­ණ­යෙන් රට දින­වන SLT-MOBITEL ‘Fibre of the Nation’

 ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, මේ වනවිට රටේ අනාගතය හැඩගැස්වීමටත්, පුරවැසියන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමටත් අසමසම වේගයක් සහිත අති-නවීන ෆයිබර්(fibre) සම්බන්ධතා ජාලයක් රටපුරා ව්‍යාප්ත කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ.

කවදත් පුරෝගාමී නවෝත්පාදකයෙකු වන SLT-MOBITEL, එම පුරෝගාමීත්වයේ ඉදිරි පියවරක් ලෙස විශිෂ්ටතම බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණ සහ අත්දැකීම් පෙළක් තම පාරිභෝගිකයන් වෙත තිළිණ කිරීමට කටයුතු කර තිබේ.

මේ ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට තම වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය මුළුමනින්ම වෙනස් කිරීමේ හැකියාව සහිත අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා විසඳුම් පෙළක් හිමි වී ඇත. සංවර්ධන ක්‍රියාවලිය තුළදී අති-නවීන තාක්ෂණය සහ අධිවේගී සම්බන්ධතා වල වැදගත්කම මුළු ලොවම ක්‍රම ක්‍රමයෙන් වටහා ගනිමින් සිටින පසුබිමක,මෙම නවීන ෆයිබර් සම්බන්ධතාවන් ඔස්සේ ඩිජිටල් උපාංග කිහිපයක් එකවර භාවිතා කරමින් අන්තර්ජාලය පිවිසීමට හැකිවීම, මෙරට ජනතාවගේ ද ජීවිත සහ ජීවන රටාවන් පැහැදිලි වෙනසකට ලක්කර ඇත. අනාගත ලෝකයට ගැළපෙන අධිවේගී, විශ්වාසනීය සම්බන්ධතාවන් සහ ජාත්‍යන්තර තලයේ තාක්ෂණ පෙළක් මෙරටට හඳුන්වා දීම SLT-Mobitel Fibre හි මූලික ඉලක්කය වේ.

ඒ නිසාම ඉහළම දත්ත ධාරිතාවක් සහ විශ්වාසනීය සේවාවක් සමගින්, බාධාවකින් තොරව 100 Mbps සිට 1000Mbps දක්වා Download වේගයන් අත්විඳීමට SLT-Mobitel Fibre පාරිභෝගිකයන්ට හැකියාව ලැබී ඇත.

 

Comments