ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් මිණි­මුතු ‘මිණි­මු­තු­ල­න්තය’ | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් මිණි­මුතු ‘මිණි­මු­තු­ල­න්තය’

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලෝක ළමාදිනය සැමරීම සඳහා ”මිණිමුතුලන්තය”නමින් දැනුම හා විනෝදය සපිරි වැඩසටහනක් මාලාවක් දියත් කරන ලදී.

මෙම වැඩසටහන 2021 ඔක්තෝම්බර් 01 වෙනි දා සිට 3 වැනි දින දක්වා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නිල ෆෙස්බුක් පිටුව හරහා පැවැත් වූ අතර මේ සඳහා දිවයින පුරා සිටින ළමුන් සහ දෙමාපියන් දහස් ගණනක් සහභාගී විය.

ශ්‍රී ලංකාවේ ළමා පරපුරේ සිහින සැබෑ කරගැනීම සඳහා ඔවුන් දිරිමත් කිරීමක් ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මිණිමුතු අධ්‍යාපන සැලසුම මගින් මෙම වැඩසටහන පැවැත් වූ අතර මිණි මුතු අධ්‍යාපන සැලැස්ම මඟින් දරුවාගේ අනාගතය සඳහා ශක්තිමත් අඩිතාලමක් සකසමින් දරුවන්ට ඔවුන්ගේ සිහින සැබෑකර ගැනීම සඳහා අවශ්‍ය මුල්‍ය රැකවරණය ලබාදෙයි. මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන දෙමවුපියන් සඳහා”Super Parents”නමින් ඔක්තෝබර් 1 වැනි දින පැවැත්වූ අතර මෙහිදී දරුවන්ගේ අධ්‍යාපනය, මානසික සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳ දැනුවත් කිරීම සිදුවිය.

මේ සඳහා මනෝ විද්‍යාඥ ක්‍රිස්ටීන් ජයකොඩි, කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති සහ”පොලිමත් විද්‍යාලයේ” විදුහල්පති උපාලි ගුණසේකර, පෝෂණවේදී වෛද්‍ය සුජීවා වික්‍රමසිංහ සහ මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත ද සිල්වා යන මහත්ම මහත්මීන් සහභාගී විය.

Comments