ශ්‍රී ලංකාවේ වරාය ක්‍ෂේත්‍රයේ සිදු කරන විශා­ල­තම අයෝ­ජ­න­යට අත්සන් තබයි | Page 3 | සිළුමිණ

ශ්‍රී ලංකාවේ වරාය ක්‍ෂේත්‍රයේ සිදු කරන විශා­ල­තම අයෝ­ජ­න­යට අත්සන් තබයි

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම සඳහා වන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය (CWIT) ආයෝජන පාර්ශ්වකාර ඉන්දියාවේ අදානී සමාගම හා ශ්‍රී ලංකා නියෝජිත ජෝන්කීල්ස් සමාගම අතර ගිවිසුම පසුගියදා කොළඹ දී අත්සන් තැබිණි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් එහි සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල හා කළමනාකාර අධ්‍යක්‍ෂ උපුල් ජයතිස්ස, අදානී පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සොන් සමාගම වෙනුවෙන් එහි සභාපති සන්දීප් මෙහෙතා ද, ජෝන් කීල්ස් සමාගම වෙනුවෙන් එහි සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර ද අත්සන් තබන ලදි.

වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ , වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම් ගතවීම සිදු වූ අතර සූම් තාක්‍ෂණය ඔස්සේ ඉන්දියාවේ සිට අදානී පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සොන් හි සභාපති සන්දීප් මෙහෙතා හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කරන් අදානී සහභාගි වූ අතර ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ ද සූම් තාක්‍ෂණය ඔස්සේ සහභාගි විය.

CWIT හෙවත් “කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය” ඉදි කිරීම ඇමෙරිකානු ඩොලර් මිලියන 700 කට අධික මූල්‍ය ආයෝජනයකි. මෙය ලංකාවේ සිදු කරනු ලබන ඉතා විශාල අයෝජනයක් ලෙස ද හැඳින්වේ. මෙම ගිවිසුම ඊධඔ හෙවෙත් ඉදිකොට, මෙහෙයුම්කොට නැවත පවරා දීම යටතේ ක්‍රියාත්මක ගිවිසුමක් වන අතර ගිවිසුම් කාලය වසර 35කි.

මෙම පර්යන්තය ඉදිකිරීමත් සමඟ කොළඹ වරායේ වාර්ෂික බහලු BOT මෙහෙයුම මිලියන 03කින් ඉහළ යනු ඇත.

Comments