ව්‍යාපා­ර­යට ණයක් HNB FINANCE වෙතින් | Page 2 | සිළුමිණ

ව්‍යාපා­ර­යට ණයක් HNB FINANCE වෙතින්

පරම්පරා දෙකක් තිස්සේ පැවති උරුමය වර්තමානයට ගැළපෙන සේ නව වෙළෙඳපොළ රටාවට අනුගත කරන්නට ඇය දරන්නේ අනුපමේය වෙහෙසකි . ඒ වෙහෙස තුළින්ම සිය ව්‍යාපාරය කිසියම් ස්ථාවරයක රඳවන්නට මේ වනවිට ඇයට හැකි වී ඇත. අත්යන්ත්‍ර රෙදිපිළි වෙළෙඳ පොළේ ප්‍රචලිත වූ ව්‍යාපාරයක් ලෙස කිසියම් ස්ථාවරයක රඳවන්නට ඇය ගත් වෙහෙස පිළිබඳව අචිනි ලියනගේ මහත්මිය මෙසේ පැවසූවාය. ,’’මේ ව්‍යාපාරය මුලින්ම පටන් ගත්තේ අපේ සීයා.

අපේ පවුලේ ව්‍යාපාරයක් විදියට පැවතගෙන අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනය අද වන විට මේ තත්ත්වය දක්වා දියුණු කරන්නට මමත් මගේ නංගී රුවිනිත් බොහෝ වෙහෙසක් දැරුවා . අපේම ප්‍රදර්ශනාගාර මහනුවර, කුරුණෑගල, කොළඹ, පැලවත්ත, ඇල්ල වගේ ප්‍රදේශවල පිහිටුවා තියෙනවා. ඒ සුනිමල්ස් හෑන්ඩ්ලූම් නමින් ගම්වල කාන්තාවන්ගෙන් මිලදී ගන්න රෙදිපිළි වෙළෙඳ පොළට සරිලන ආකාරයට සකස් කොට හොඳ නිමාවකින් යුක්ත ව අලෙවි කිරීමයි අපි කරන්නේ’ මේ සඳහා ණයක් ගන්න තැනක් හොය හොයා ඉද්දි තමයි අපිට HNB FINANCE ගැන දැනගන්න ලැබුණේ අපේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට කඩිනමින් ණය මුදලක් ගන්න පුළුවන් කියන විශ්වාසය HNB FINANCE සමාගම වෙත ගිය මුල්ම දවසේදීම අපගේ සිත් තුළ ඇති වුණා. අපි ළඟටම ඇවිල්ල ණය වාරික එකතු කරගැනීම සිදු කරනවා .

Comments