නයි­න්වෙල්ස් හා GenelabsMedical එකතුවෙන් අණුක ජාන පර්යේ­ෂ­ණා­ගා­ර­යක් | සිළුමිණ

නයි­න්වෙල්ස් හා GenelabsMedical එකතුවෙන් අණුක ජාන පර්යේ­ෂ­ණා­ගා­ර­යක්

 ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ ප්‍රමුඛතම කාන්තා හා ළමා රෝහල වන නයින්වෙල්ස් රෝහල තවත් පියවරක් ඉදිරියට තබමින් සායනික අණුක රෝග විනිශ්චය සඳහා නවීන තාක්ෂණික ජාන පර්යේෂණ අංශයේ පුරෝගාමී ආයතනයක් වන Genelabs Medical ආයතනය සමඟ එක්ව, පසුගිය දා නව අණුක ජාන පර්යේෂණාගාරයක් නයින්වෙල්ස් රෝහල තුළ ස්ථාපිත කෙරුණි. එමගින් මෙරට වෛද්‍ය විද්‍යාව නව මානයකට යොමු කෙරෙනු ඇති අතර, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා මෙරට ජනතාව වෙත නව වෛද්‍ය පර්යේෂණ සේවාවන් රාශියක් ලබාදීම විශේෂත්වයකි.

නයින්වෙල්ස් රෝහල, GenelabsMedical ආයතනයත් සමඟ ඇතිකරගත් සහයෝගීතාවත් සමඟ ආරම්භ කෙරුණු මෙම අණුක ජාන පර්යේෂණාගාරය මඟින් වැඩිහිටි හා ළමා රෝගීන් පරීක්ෂා කිරීම සහ රෝග විනිශ්චය කිරීම සඳහා විශේෂිත වූ නව වෛද්‍ය පර්යේෂණ සේවාවන් රැසක් ලබා දෙන අතර, එම විද්‍යාගාරයට සමගාමීව නව ජාන විද්‍යා අංශයක් ද ආරම්භ කෙරිණි. මෙම නව අංශය මගින් ලබාදෙන සේවාවන් අතරින් ගර්භණී සමයේදී ඇතිවන ජානමය රෝග හා ළදරු උපත් ආබාධ පරීක්ෂා කිරීම මෙන් ම ප්‍රජනන සංකූලතා, පිළිකා වැනි රෝගී තත්ත්වයන් සඳහා වැඩි අවදානමක් ඇති පුද්ගලයින්ගේ ජාන පර්යේෂණ සිදුකිරීම ආදිය විශේෂිතය. මෙම සේවාවන් ලබාදීම සඳහා දිවයිනේ සිටින ජාන වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයින් සහ ජාන උපදේශක වෘත්තිකයින් කණ්ඩායමක් නයින්වෙල්ස් රෝහල සතු ය.

Comments