කුමා­රිකා සොඳුරු දිරි­ය­වන්ති ජාතික ව්‍යාපෘ­තිය අර­ඹයි | සිළුමිණ

කුමා­රිකා සොඳුරු දිරි­ය­වන්ති ජාතික ව්‍යාපෘ­තිය අර­ඹයි

ශ්‍රී ලංකාවේ හිසකෙස් රැකවරණයේ ප්‍රමුඛතම සන්නාමය වන කුමාරිකා, පිළිකා රෝගයෙන් පෙළෙන සහ සුවපත් වී ඇති සුවහසක්‌ කාන්තාවන් වෙනුවෙන් ස්වභාවික හිසකෙස් පලඳනා පරිත්‍යාග කිරීමේ Òසොඳුරු දිරියවන්තිÓ ජාතික වැඩසටහනේ සමාරම්භක උළෙල පසුගියදා පවත්වන ලදි. පිළිකා ප්‍රතිකාරවල අතුරු ඵලයක් ලෙස අහිමි වන හිසකෙස් වෙනුවෙන් වැඩි වන හිසකෙස් පලඳනා අවශ්‍යතාවය සපුරාලීමත්, හිසකෙස් අහිමි වීමෙන් පසු ඇති වන මානසික පීඩාව සහ සමාජ කම්පනය හමුවේ ආත්ම විශ්වාසයෙන් යුතුව සිටීමට කාන්තාවන් දිරිමත් කිරීමත් යන අරමුණු පෙරදැරිව කුමාරිකා විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. ශ්‍රී ලංකා පිළිකා රෝග විද්‍යාලයේ සම්බන්ධීකරණ සහයෝගය සමඟ ඉන්දිරා පිළිකා භාරය, අලුත්ගම, බෙන්තොට හා ගල්කිස්ස සිංහ සමාජයන් සමඟ එක් වෙමින් කුමාරිකා මෙම ව්‍යාපෘතිය සිදු කරයි.

ඔන්ලයින් වැඩසටහනක් ලෙස පැවැත්වුණු මෙම සමාරම්භක උත්සවය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය අමාත්‍යංශයේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන, ඉන්දිරා පිළිකා භාරයේ සභාපති වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක, ශ්‍රී ලංකා පිළිකා වෛද්‍ය විද්‍යාලයේ ලේකම් වෛද්‍ය සචිනි මලවිආරච්චි, දිස්ත්‍රික් සිංහාධිපතිනි සිංහ චාන්දනී විතාන සහ විධායක අධ්‍යක්ෂක/හේමාස් හෝල්ඩින්ග්ස් සමූහයේ හි ප්‍රධාන විධායක නිලධාරිනි කස්තුරි චෙල්ලරාජා විල්සන් ‍යන සැමගේ සහභාගීත්වය තුළින් පැවැත්විණි.

 

Comments