කඩො­ලාන ප්‍රති­සං­ස්ක­රණ ව්‍යාපෘ­තිය සමඟ INSEE | Page 2 | සිළුමිණ

කඩො­ලාන ප්‍රති­සං­ස්ක­රණ ව්‍යාපෘ­තිය සමඟ INSEE

INSEE සිමෙන්ති සමාගම විසින් තම පරිසර ආරක්ෂිණ වැඩසටහන් මාලාව අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන අතර, එම ව්‍යාපෘතියට මගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාරු, සේරක්කුලිය කලපුව ආශ්‍රිතව හෙක්ටයාර 1 ක ස්වාභාවික කඩොලාන වනාන්තරයක් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කෙරිණි.

කොග්ගල ගඟේ තලාතුඩුව සහ කුරුලුදූව යන දූපත් ආශ්‍රිතව සිදු කෙරෙමින් පවතින 'INSEE කඩොලාන ප්‍රතිසංස්කරණ' ව්‍යාපෘතියෙහි නවතම වැඩසටහන ලෙස අරුවක්කාරු හි කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර,එහි මූලික අදියරේදී වසරක කාලයක් තුළ කඩොලාන පැළ 1500 ත් 2,000 ත් අතර ප්‍රමාණයක් අලුතින් සිටුවීම ඇතුළු අනෙකුත් පාරිසරික සංරක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත ය.

Comments