උස්වත්ත වෙතින් ධාන්‍ය 09ක් මිශ්‍ර කළ බහු පෝෂ්‍ය­දායි මන්නා ක්‍රැකර් හඳු­න්වා­දෙයි | සිළුමිණ

උස්වත්ත වෙතින් ධාන්‍ය 09ක් මිශ්‍ර කළ බහු පෝෂ්‍ය­දායි මන්නා ක්‍රැකර් හඳු­න්වා­දෙයි

වසර 65 කටත් වැඩි කාලයක් උසස් තත්ත්වයේ රසකැවිලි, ස්නැක්ස් සහ අතුරුපස වර්ග නිපදවන ලංකාවේ පැරණිතම නිෂ්පාදකයා වන උස්වත්ත සමාගම, ආසියාවේ පළමු වරට ධාන්‍ය 09ක් මිශ්‍ර කළ බහු පෝෂ්‍ය පදාර්ථ සහිත “මන්නා ” ක්‍රැකර් පසුගියදා වෙළෙඳ පොළට හඳුන්වා දුන්නේය.

මන්නා ක්‍රැකර් නිෂ්පාදනය කෙරෙන්නේ ශරීරයට ඉහළම පෝෂ්‍ය පදාර්ථ ලබාදෙන රසවත් සෞඛ්‍ය සම්පන්න සහ පෝෂ්‍යදායි අමුද්‍රව්‍ය යන සංයෝජනයෙනි. ප්‍රෝටීන්, තන්තු, විටමින් හා ඛනිජ ලවණ, ප්‍රිබයොටික්ස් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂක වලින් පිරී ඇති මන්නා ක්‍රැකර් උදෑසන ආහාරය සඳහා කදිම විකල්පයක් වන අතර වෙළෙඳපොළේ ඇති අනෙකුත් බිස්කට් වර්ග හා ක්‍රැකර්වලට වඩා සෞඛ්‍ය සම්පන්න ආහාරයකි. මන්නා ක්‍රැකර්වල සියයට 11.6%ක තන්තු ප්‍රමාණයක් ඇති අතර එය ලංකාවේ වැඩිම තන්තු ප්‍රතිශතයක් සහිත ක්‍රැකර් නිෂ්පාදනය ද වේ. මෙම අද්විතීය බිස්කට් නිෂ්පාදනයේ වැදගත්කම නම් එය සීනි රහිත වන අතර කිසිදු කෘතිම වර්ණක, රසකාරක සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය අඩංගු නොකර නිෂ්පාදනය කර තිබීමය.පෝෂණ ගුණයෙන් ඉහළ මට්ටමක පැවතුනද, මන්නා ක්‍රැකර් සෑම වයස් කාණ්ඩයකටම විශිෂ්ට රසවත් අත්දැකීමක් ලබාදෙන අත ළමයින් අතර ප්‍රියතම තේරීමක් බවට පත්වනු ඇති බව නොඅනුමානයි.

 

Comments