අයි­ඩි­යල් මෝටර්ස් විසින් Mahindra Mojo අධි­බ­ලැති යතුරු පැදි 2ක් ශ්‍රී ලංකා පොලි­සි­යට පරි­ත්‍යාග කරයි | සිළුමිණ

අයි­ඩි­යල් මෝටර්ස් විසින් Mahindra Mojo අධි­බ­ලැති යතුරු පැදි 2ක් ශ්‍රී ලංකා පොලි­සි­යට පරි­ත්‍යාග කරයි

රුපියල් මිලියන 2.4 ක් පමණ වටිනා Mahindra Mojo අධිබලැති යතුරු පැදි දෙකක් අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා පොලිසියට පරිත්‍යාග කරනු ලැබීය. අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම විසින් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න වෙත මෙම යතුරු පැදි දෙක පොලිස් මූලස්ථානයේදී පසුගියදා ශ්‍රී ලංකා පොලිසිය වෙත පරිත්‍යාග කරනු ලැබිණි.

300cc එන්ජින් ධාරිතාවයෙන් යුත් මෙම Mahindra Mojo යතුරු පැදි දෙක ශ්‍රී ලංකා පොලිසියේ රථ වාහන කොට්ඨාසය මගින් විශේෂ අවස්ථාවන් සදහා යොදා ගැනීමට නියමිත අතර ඊට අවශ්‍ය නවීකරණ කටයුතුද අයිඩියල් චොයිස් වෙතින් සිදුකර තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම , අයිඩියල් මෝටර්ස් සහ ශ්‍රී ලංකා පොලිසිය ඉතා දීර්ඝ කාලයක සිට සහයෝගයෙන් කටයුතු කරනවා. ශ්‍රී ලංකා පොලිසිය මහින්ද්‍රා ස්කෝපියෝ ජීප් රථ සහ මහින්ද්‍රා කැබ් රථ විශාල සංඛ්‍යාවක් භාවිතා කරනවා. මේ වන විට මහින්ද්‍රා අයිඩියල් වාහන ව්‍යාපාරයට ශ්‍රී ලංකා පොලිසිය සමඟ දශකයකට වඩා වැඩි සෘජු ඉතිහාසයක් තියෙනවා. ශ්‍රී ලංකා පොලිසියට ස්කෝපියෝ ජීප් රථ හා කැබ් රථ විශාල ප්‍රමාණයක් අප විසින් ලබාදී තිබෙනවා. එම වාහන සඳහා අයිඩියල් මෝටර්ස් අලෙවියෙන් පසු අතිවිශිෂ්ට සේවාවක් ලබාදෙනවා. ස්මාර්ට් මොබිලිටි නමැති නවීන සංකල්පයට අනුකූල යතුරු පැදි දෙකක් තමයි අයිඩියල් චොයිස් මඟින් නවීකරණය කරලා ශ්‍රී ලංකා පොලිසිය වෙත ප්‍රදානය කළේ යැයි කියා සිටියේය.

Comments