ලොව වසඟ කළ ‘මැණිකේ’ ඉන්දි­යා­වත් හොල්ලයි | සිළුමිණ

ලොව වසඟ කළ ‘මැණිකේ’ ඉන්දි­යා­වත් හොල්ලයි

මේ දිනවල හැමෝම වගේ කතා වෙන්නේ යොහානි ගැන. ශ්‍රී ලාංකිකයන් විදියට අපි හැමෝටම ආඩම්බර විය හැකි නාමයක් බවට යොහානි පත් වී අවසන්. ඒ යොහානි නමින් අන්තර්ජාතිකත්වයේ නව පරිච්ජේදයක් ලියන්නට පටන් ගැනීමත් සමඟ. මිලියන 22කට අධික ජනගහනයක් ජිවත් වන ශ්‍රී ලංකා මාතාවගේ බිමේ උපන් යොහානි දිලෝකා ද සිල්වා ගායිකාවක් බවට පත් වෙමින් මිලියන 100කට අධික රසිකත්වයක් හිමි කරගැනීම අපේ රට ලද භාග්‍යයකි.

යොහානි කියන්නේ 57 වන සේනාංකයට නායකත්වය දුන් විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසන්න ද සිල්වාගේ ලොකු දුව බව නොරහසක්. පියාගෙන් ලද විශිෂ්ටම දායාදය වන්නේ අධිෂ්ඨානයෙන් අරමුණ කරා යන තේමාව සහ වෙලාවට වැඩ කිරීම බව යොහානි හැම මොහොතකම සිහිපත් කරන්නේ මෙතෙක් ආ ගමන් මගේ රහසද එය බව පසක් කරමින්.

2015දී මිතුරන් කිහිප දෙනෙක් සමඟ සංගීතයේ මුල් පියවර තබන යොහානිට නිශ්චිත සංගීත ගුරුවරයෙක් නොමැති වීමද විශේෂත්වයක්. සිය මවගෙන් ලද ආභාසයෙන් පියානෝ වාදනය ඉගෙන ගන්නා යොහානි පසුකලෙක අන්තර්ජාලය ඔස්සේ ගිටාර් වාදනය පුරුදු පුහුණු වී තිබෙනවා.

යොහානිට මේ සංගීත ක්ෂේත්‍රයට ආ මුල් කාලයේ බොහෝ සෙයින් අහන්නට ලැබුණේ නොයෙකුත් වැරදි සහ කට කතා පමණයි. නමුත් ඇය ඒ සියල්ල ඉවසාගෙන සැමට ඇය සතු සුන්දර අව්‍යාජ සිනහවෙන් පිළිතුරු දෙමින් ඇයගේ ගමන යන්නට තීරණය කරන්නේ සිය අරමුණට පමණක් සිත යොදමින්.

එලෙස ආ ගමන් මගේ හැරවුම් ලක්ෂ්‍යය වන්නේ මැණිකේ මගේ හිතේ ගීතය. ඒ ඔස්සේ ඇය ශ්‍රී ලංකා නාමය අන්තර්ජාතිකත්වයට රැගෙන යමින් ලොවක් වසඟ කරගත් මැණිකේ බවට පත් විය.

තවත් වාර්තාවක් තබමින් යොහානිට ඉන්දීය ප්‍රසංග වේදිකාවට පිවිසෙන්නට දොරටු විවර වුණා. එය ශ්‍රී ලාංකික ගායිකාවක් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ සංගීත සංදර්ශනයක් පවත්වන ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට ද එක්විය.

ඒ අනුව පසුගිය සැප්තැම්බර් මස 30 වැනි දින සවස 6 ට නවදිල්ලි නුවර ආසන්නයේ පිහිටි ධනකුවේරයන් වෙසෙන ගුරුග්‍රෑම් අහසේ ඇය බැබළෙන්නට විය. එහි සංගීතය සැපයුවේ මෙරට යොවුන් පරපුරේ සංගීත කණ්ඩායමක් වන "ලුනු මියුසික්" සංගීත කණ්ඩායම විසින්.

ඔබට මතක නම් පසුගිය සතියේ සිළුමිණ රසඳුන අතිරේකයෙන් ශ්‍රී ලාංකේය දෙමළ පොප් ගායක සහ රංගන ශිල්පීයකු ලෙස ලොවපුරා ප්‍රසිද්ධව සිටි ඒ. ඊ. මනෝහරන් ගැන සිහිපත් කළා. ඒ ඔහු ගායනා කළ සුරංගනීට මාළු ගෙනාවා ගීතය ලෝකය පුරා ජනප්‍රිය වුණු හැටි ලියමින්. ඒ ගීතය එදා මෙදා තුර ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ එකසේ ජනප්‍රියව පවතින ගීතයක්. ගායකයෙක් වගේම නළුවෙක් විදිහට දක්ෂතා දක්වන මනෝහර්ගේ දක්ෂතා වලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නේ දකුණු ඉන්දීය සිනමාකරුවන්. ඉන්දියානුවන් අතර ඔහු වාඩාත් ජනප්‍රිය වුණේ “සිලෝන් මනෝහර්” ලෙසින්. ඔහුට එදා තබූ ජනප්‍රියත්වය අදටත් එලෙසම තිබෙන බව යොහානිගේ ප්‍රසංගයේදී තහවුරු වී තිබෙනවා. එනම් මෙම ප්‍රසංගයේ දී ද යොහානිගෙන් සුරංගනීට මාළු ගෙනාවා ගීතය ගයන ලෙස ඉන්දීය ජනතාව ඉල්ලා තිබෙනවා.

එහි ප්‍රචාරක කටයුතු රූපවාහිනී, පුවත්පත් දැන්වීම්, ටිකට්පත් අලෙවිය වැනි කටයුතු සිදු කර තිබෙන්නේ එම කටයුතු පිළිබඳ හසල දැනුමක් ඇති ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වූ බුක්මයි ෂෝ නමැති සමාගමයි.

නවදිල්ලියේ පැවති සංගීත ප්‍රසංගය අතරතුරදී ඇය, වේදිකාව මත සුළු අනතුරකට මුහුණ පා තිබුණා. ඒ සම්බන්ධව යොහානි සිය ටිව්ටර් ගිණුමේ හා මුහුණු පොතේ තැබූ සටහන් සාමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එ් සටහන සමඟ ඇය, සිදුවූ සුළු අනතුරෙන් පසුව ඡායාරූපයක් ද අන්තර්ජාලයට එක් කර තිබුණා.

එහි දැක්වෙන්නේ, යොහානිගේ මුහුණේ ඇසට පහළින් නිල් පැහැ වූ තැළීම් සලකුණක් පවතින ආකාරයයි. නවදිල්ලි ප්‍රසංග වේදිකාව මතදී, ගිටාරයක් තම මුහුණේ වැදුණු බව, යොහානි සිය ෆේස්බුක් සටහනේ සඳහන් කර තබමින් කියා තිබුණේ එය බාධාවක් කර නොගෙන ඉදිරියට යන බවයි.

“අපේ කතා ලියවෙන්නේ අපගේ ජීවන සටන් හා පසුබෑම්වලින් ලබන තැළීම් හා සීරිම් සලකුණු මත” යැයි ද ඇය සිය සමාජ මාධ්‍ය සටහනේ දක්වා තිබෙනවා.

එමෙන්ම පසුගිය ඔක්තෝබර් 3 සවස 6 ට ඉන්දියාවේ ප්‍රධාන නගරයට කිට්ටුවෙන් පිහිටි හයිද්‍රාබාද්හිදී යොහානි සහභාගී වූ දෙවන සංගීත සංදර්ශනය ද ඉන්දීය ජනතාවගෙ විශාල ප්‍රතිචාර මැද පැවැත්විණ.

මේ ප්‍රසංග නැරඹීමට ඉන්දියාවේ සිටින සුපිරි ධනවතුන් සහ ප්‍රසිද්ධ චරිත රැසක් සහභාගී වී තිබෙනවා. අතුරු සිදුරු නැතුව යොහානිගේ ප්‍රසංග නැරඹීමට යොහානිට ආදරය කරන පිරිස පැමිණ තිබෙනවා. ඒ වගේම වෙබ් අඩවි වාර්තා කර තිබෙන ආකාරයට පැමිණි බොහෝ සුපිරි තරු යොහානිට සුබ පැතුම් සමඟ ත්‍යාගයන් ද ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් අප සතුටට පත් විය යුත්තේ ලැබුණු ත්‍යාග මොනවද සහ ඒවායේ වටිනාකම් ගැන නොව අපේ රටේ ගායිකාවක් ඉන්දියාවේ දී මෙලෙස ඇගයීම් ලැබීම ගැනයි.

ප්‍රවීණ ගායක ගායිකාවන් බොහෝ දෙනෙකුගේ වාර්තා බිද හෙළීමට ද යෝහානි සමත්වී ඇති අතර ඉන්දීය විචාරකයන් පවසන්නේ ඇයගේ මෙම ගමන් මඟ තව බොහෝ දුර යන බවයි.

එමෙන්ම සංගීත සංදර්ශනවල දී ලැබුණු ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මත යොහානිගේ අනාගතය කුමන අතකට පෙරළේද යන්න විශ්වාස කළ නොහැකි තරමට භාරතයේ සංගීත ශ්‍රාවකයෝ උන්මාදයට පත්ව තිබෙන බව නොරහසක්.

යොහානිගේ ගමන් මඟ ඉන්දියාවෙන් නොනැවතී ජාත්‍යන්තර වේදිකා රැසක සිටිනු දැකීම වැඩි ඈතක නොවේ. මේ වන විටත් ලෝකයේ රටවලින් ඇයට ඉල්ලීම් ගලා ආ බව සඳහන් අතර, විශාල සමාගම් ඇය වෙනුවෙන් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර යොහානි ද සිල්වා රටට ගෙන දුන් කිර්ති නාමය වෙනුවෙන් රජය විසින් සම්මානයක් ලබා දීමට කටයුතු කරන බව පසුගියදා ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

බෞද්ධ සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන කියා සිටියේ ඊට අවශ්‍ය කටයුතු සුදානම් කරන්නය යැයි අගමැති මහින්ද රාජපක්ෂයන් දැනුම් දී ඇති අතර; අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයකදී ඇයට මෙම ගෞරවය ලබා දීමට කටයුතු සම්පාදනය කිරීමට නියමිත බවයි.

මේ සියල්ල අතරේ යොහානිගේ අලුත්ම ගීත ඇල්බමය “කෙල්ල“ නමින් ඊයේ දින (ඔක්තෝබර් 09) අන්තර්ජාලයට එකතු කර තිබෙනවා.

අන්තර්ජාතික වශයෙන් සංගීත වංශයේ ශ්‍රී ලාංකීය

පරිච්ඡේදය ලියන්නට සැරසෙන යොහානිට සිළුමිණ

රසඳුන අපේ ශුභාශිංසන මෙසේ පිරිනමන්නෙමු.

යොහා­නිගේ  ඇඳුම් විලා­සිතා නිර්මාණය කළ "Kadappuli" fashion කියන කතාව

යොහානිගෙ විලාසිතා ගැන කතා කරද්දි Kadappuli විලාසිතා ගැන කතා නොකරම බැහැ. ඒ නිසාම අපි හිතුවා යොහානිගෙ විලාසිතා නිර්මාණය කරද්දි ඇය වැඩියෙන් ම කැමැත්තක් දක්වන්නෙ කුමන විලාසිතා සඳහා ද යන්න ගැන Kadappuli නිර්මාතෘ ජනක බණ්ඩාර උල්ලන්දුපිටියගෙන් අහන්න. ඔහු කිව්වේ යොහානි ජෙන්සි ලුක් එක තියෙන ඒ වගේම gangsta looking hip hop dress වලට වැඩි කැමැත්තක් දක්වන බවයි. ඇයගෙ සිත යන්නේ ඒ විලාසිතාවටමලු.

කලිසම් ගත්තත් යොහානි කැමැති සැලූන් පොකට් තියෙන ඒවාට. ඒ එක්කම එයා ලොකු ආභරණ භාවිත කරන්න කැමති කෙනෙක්. සාමාන්‍යයෙන් මාල වළලු ඇය ප්‍රමාණයෙන් විශාල ඒවා නිතරම තෝරා ගන්නවා. සපත්තු ගත්තොත් ඇය එයිනුත් වෙනස්. නිතරම වගේ ඇගේ සිත යන්නේ boot shoes වලට.

යොහානි අඳින්නේ Xs සයිස් එක නිසා ලංකාවේ එයාට ගැළපෙන ටොප් සහ ජැකට් හොයා ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා පිටරට වලින් එයා ගත්ත ඒවා එක්ක ජනක නිර්මාණය කරලා දුන්න ඇඳුම් mix කරලා තමා ඇඳලා තියෙන්නේ.

ජනකට මුලින්ම යොහානිව හමුවෙලා තියෙන්නේ samsung වෙ‍ෙළඳ දැන්වීමෙන්. ජනක කිව්වේ යොහානි එක්ක වැඩ කරන්න හරි පහසුයි සහ ඇය හොඳ නම්‍යශීලි කෙනෙක් බවයි. ඇය හරිම සුහඳශීලියි. නිහතමානියි. නිතරම විනෝදෙන් ඉන්නෙ. ඇය එක්ක විලාසිතා ගැන වුණත් කතා කරන්න හරි ලේසියි. ඇයට අවශ්‍ය හා කැමැති දේ ඈ කියනවා. එතකොට ඒවා නිර්මාණය කරන්න අපට ලේසියි.

ජනක බණ්ඩාර උල්ලන්දුපිටියට මේ ලැබුණු අවස්ථාව ඔහු දකින්නේ "Kadappuli" fashion තවදුරටත් අලුත් කරමින් ඉදිරි ගමනක් යන්න ලැබුණු හොඳ අවස්ථාවක් විදියටයි. ලෝකයේම කතා බහට ලක්වුණු ඇයට ඇඳුම් නිර්මාණය කිරීමට ලැබීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. ඇය ඇගේ සැහැල්ලු විලාසිතා එක්ක අපේ රට විතරක් නෙවෙයි, ඉන්දියාවත් හෙල්ලුවා.

යොහානිගෙ ඉදිරිය පැහැදිලියි. ඇය තව බොහෝ දුර යාවි. ඉතින් ඇගේ ඇඳුම් නිර්මාණය කිරීමට අප සූදානමින් ඉන්නෙ. සරල බව ඇගේ අවශ්‍යතාවයි. ඉදිරියටත් යොහානිගේ ජාත්‍යන්තර ප්‍රසංග කිහිපයක් තියෙන නිසා ඉදිරියටත් තව අලුත් නිර්මාණ කරන්නත් ජනක සූදානමින් ඉන්නවා.

යොහානිට ඉන්දියාවේදී ජැකලින් හමුවූ අවස්ථාව

Comments