මම වැඩිපුරම වෙහෙසෙන්නේ රහස් පරීක්‍ෂක කතා වෙනුවෙන් | සිළුමිණ

මම වැඩිපුරම වෙහෙසෙන්නේ රහස් පරීක්‍ෂක කතා වෙනුවෙන්

ලේඛන කලාවට සහජ දක්ෂතා දැක්වූ ගයනා එස්. ලක්මාලි එකොළොස් වියේ සිට ළමා පුවත්පත්වලට නිර්මාණ යොමු කළා ය. වාණිජ අංශයෙන් උසස්පෙළ විභාගයට පෙනී සිටි ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන උපාධිය සමත් වූවා ය. වෘත්තිය ලෙස බැංකු ක්‍ෂේත්‍රයට අවතීර්ණ වුව ද විනෝදාංශයක් ලෙස පුවත්පත්වලට ලිවීම අඛණ්ඩව කරගෙන ගිය ගයනා එස්. ලක්මාලි, 2009 වසරේදී 'සමනල වසන්තය' නමින් යොවුන් පුවත්පතකට නවකතාවක් ඉදිරිපත් කළා ය. 2010 වසරේදී එය කෘතියක් ලෙස එළිදැකීමත් සමඟ ලබාගත් සාර්ථකත්වය මත රැකියාවෙන් ඉවත්වී පූර්ණකාලීනව ලේඛිකාවක් ලෙස කටයුතු කිරීම ආරම්භ කළ ගයනා එස්. ලක්මාලි 2012දී 'ගයා ක්‍රියේෂන්ස්' නමින් ප්‍රකාශන ආයතනයක් ද ඇරඹුවා ය. මේ වන විට නවකතා 40ක් පමණ ප්‍රකාශයට පත්කර ඇති ඇය ඊට අමතරව සිය ප්‍රකාශන ආයතනය මඟින් වෙනත් ලේඛක ලේඛිකාවන්ගේ කෘති ද ප්‍රකාශයට පත් කරනු ලබයි. 2021 වසරේදී ඇය 'ගයා ක්‍රියේෂන්ස්´ නමින් පොත් බැහැර දෙන පුස්තකාලයක් සහ පොත් හලක් ද විවෘත කළා ය.

1. මම කැමති ම නවකතාව සහ එය ලිවීමට මුල් වූ හේතුව

මගේ පාඨකයන් අතර සිටින බාල, තරුණ, වැඩිහිටි සියලුදෙනාම ප්‍රිය කරන, ඔවුන්ගේ වැඩි ආදරය දිනාගත් කෘතියක් ලෙස ‘අසාර බන්‍ධන’ නවකතාව නම් කළ හැකියි. මාපිය දූදරු සබඳතාව තේමා කරගත් එම කෘතිය ලිවීමට හේතු වුණේ සියනෑ කෝරලයේ ප්‍රධාන සංඝනායක හෙයියන්තුඩුව පුරාණ විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී සීලරතන නායක හාමුදුරුවන් වහන්සේ සමඟ මා කළ සුහද කතාබහක්. මවුපියන් සහ දරුවන් අතර තිබෙන අන්තර් සබඳතාව ගැන අනන්තවත් පොත් ලියවිලා තිබුණට ඒ බැඳීමේ ඇති සොඳුරු බව ගැන සහ නිස්සාර බව ගැන ලියවුණු පොත් අඩුයි කියලා උන්වහන්සේ මා සමඟ පැවසුවා. ඒ සමඟ ම උන්වහන්සේ ඒ සම්බන්ධයෙන් ඇසූ දුටු සත්‍ය සිදුවීම් ගොන්නක් මා ඉදිරියේ දිගහැරියා. ඒ සියල්ල සමඟ මමත් ඇසූ දුටු සත්‍ය සිදුවීම් පෙළකුත් එකතු කරලයි 'අසාර බන්ධන' කතාව නිර්මාණය කළේ.

2. ඒ නවකතාවේ මා වඩාත් ම සිත්ගත් සහ සංවේදී වූ අවස්ථාව

ඒ කතාවේ එන ප්‍රධාන චරිතය ගුරු පියෙක්. දවසක් පියා පාසලේ සිට ගෙදර එද්දී ඔහුගේ පුංචි දෝණි ඇවිත් කේලමක් කියනවා, ඒ අයියා බීඩියක් බීලා කියලා. සාමාන්‍ය පෙළ විභාගයවත් නොකරපු තමන්ගෙ එක ම පුතා එවැන්නක් කිරීම සාරධර්ම මහ ඉහළින් රකින පියාට දරාගන්න අමාරු වෙනවා. ඔහු දරුවට දඬුවම් කරනවා. දරුවා කාමරේට දාලා ඉණ පටියෙන් තළලා පියා තම කේන්තිය නිවා ගත්තත් මීට පෙර කවදාවත් දරුවට එවන් දඬුවම් නොදුන් ඔහුට ම පසුව එය දරාගන්න බැරි වෙනවා. කෑමත් නොකා නින්දට වැටිලා ඉන්න දරුවන්ව බලෙන්ම ඇහැරවගෙන ඇවිත් මිදුලෙ දළදා මාලිගාව පෙනෙන නොපෙනෙන මානයේ ඉන්ඳවගෙන පියා ඔවුන්ට බත් කවනවා. ඒ, ජීවිතයේ හරය තේරුම් කරවන 'ජාතික තොටිල්ලෙ' කවි කිහිපයක් හිතට දැනෙන විදියට ගායනා කරමින්. ඒ සිද්ධිය ලියද්දි මගේ හිත ඇත්තට ම ගොඩක් හැඟීම්බර වුණා. මම ඒ කොටස අකුරු කළේ මගේ ඇස් කඳුළු පටලයකින් වැහිලා තියෙද්දියි.

3. මා වඩාත් ම සංවේ දී කළ පාඨක ප්‍රතිචාරය

'අසාර බන්‍ධන' කෘතිය සම්බන්‍ධයෙන් නම් මට වැඩියෙන් ම ලැබුණෙ කඳුළු ප්‍රතිචාර. ඒ හැම එකක් ම බොහොම සංවේදියි. ඒ පොත කියවපු ඇතැම් වැඩිහිටි අය මාව ඇමතුවට ඔවුන්ට කතා කරගන්න වචන අමතක වුණා. ඒ ඇමතුම්වලින් එකිනෙකට වෙනස් තවත් බොහෝ සංවේදී ජීවිත කතා අහන්න ලැබුණා. මගේ පාඨකයන් අතර වයස අවුරුදු අසූ ගණන්වල පසුවූ ආදරණීය පියෙක් හිටියා. එතුමා මගේ පොත් ගැන ඇමතුම් දෙනවට අමතරව තමන්ගෙ අදහස් සියල්ල ම වගේ අකුරු කරලා මට ලැබෙන්න සැලැස්සුවා. ඒ විතරක් නෙමෙයි. අලුත් අවුරුද්දට, වෙසක් දිනයට, මගේ උපන්දිනයට එහෙම ඔහු නොවරදවා ම මට සුබපැතුම් පත් එව්වා. ඒ හැම එකක ම වගේ එතුමා නිතර සඳහන් කරපු දේ තමයි ‘ මතු ආත්මෙක ඔයා මගේ ම දරුවෙක් වෙලා ඉපදෙන්න ආදරණීය දුවේ’ කියන ඉල්ලීම. එතුමන් මීට දෙවසරකට පමණ පෙර මෙලොවින් සමුගත්තත් ඒ ආදරණීය වදන් මට අදටත් මතක් වෙනවා.

4. මගේ ඉදිරි නිර්මාණ සැලසුම්

මේ වන විට මම වැඩිපුර ම වෙහෙසෙන්නේ රහස් පරීක්‍ෂක කතා වෙනුවෙන්. ඒ වගේම එකිනෙකට වෙනස් මිනිමැරුම් කතා, අභිරහස් කතා ලියන්න මං හරි කැමතියි.

එහෙත් එය බොහොම වෙහෙසකර කටයුත්තක්. ඒ වගේ කතාවක් ගොතද්දි අපිට රටේ වත්මන් නීති රාමුව, අපේ රටේ බුද්ධි අංශ ගන්නා ක්‍රියා පිළිවෙත්, මරණ පරීක්‍ෂණ පවත්වන ආකාරය, අධිකරණ වෛද්‍ය විද්‍යාව, සාක්‍ෂි වැනි බොහෝ දේ ගැන අවධානය යොමු කරන්න වෙනවා. ඒ ගැන ලියැවුණු පොතපත බොහොමයක් කියවන්න වෙනවා.

මනසට වෙහෙසකර වුණත් පාඨකයන්ට රසවින්දනයක් මෙන්ම දැනුම, කුතුහලය ලබා දෙන්න පුළුවන් එවැනි කෘති වෙනුවෙන් ඉදිරියටත් වැඩි කාලයක් යොමු කරන්න මම කැමතියි. එම කෘති වඩාත් හරවත් කරගැනීමේ අරමුණින් මම මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අංශයේ අපරාධ විද්‍යාව පිළිබඳ පාඨමාලාවක් හදාරමින් සිටිනවා.

ජනප්‍රිය ලේඛිකා

ගයනා එස්. ලක්මාලි

Comments