18 - 19 වයස් දරු­වන්ට එන්නත් කිරීම පාස­ලේ­දීම | සිළුමිණ

18 - 19 වයස් දරු­වන්ට එන්නත් කිරීම පාස­ලේ­දීම

වුරුදු 18 - 19ත් අතර පාසල් ළමුන් එන්නත් කිරීම ලබන 21 වැනිදා සිට ආරම්භ වන අතර ඔවුන් ඉගෙනුම ලබන පාසලේම ආරම්භ කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරින්ට ඉකුත් සිකුරාදා දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව සෑම පාසලකදී ම සිදු කෙරෙන එන්නත්කරණය වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතු බවටද  ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදී ඇති අතර 18-19 වයස් කාණ්ඩයේ පාසල් හැරගිය දරුවන් සඳහා එන්නත්කරණය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මඟින් සිදු කිරීමට නියමිතය.

වයස අවුරුදු 15- 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ලබන ඔක්තෝබර් 11 සිට දිවයින පුරා දිස්ත්‍රික් රෝහල් සහ ඊට ඉහළ මට්ටමේ පවතින රෝහල් තුළදී සිදු කෙරේ.

මේ වන විට මෙරට වයස අවුරුදු 60ට වැඩි ජනගහනයෙන් 100%ක්, 30 ට වැඩි ජනගහනයෙන් 98% ක් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇත.

 

 

 

Comments