මගී ප්‍රවා­හ­න­යට විදුලි බස් | Page 2 | සිළුමිණ

මගී ප්‍රවා­හ­න­යට විදුලි බස්

 මගී ප්‍රවාහනයට විදුලි බලයෙන් ක්‍රියාකරන පහත් පතුල් සහිත බස්රථ යොදා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි. ඒ සමඟම මෙරට වායු දූෂණය අවම කිරීම ද ඉන්ධන දහනය අවම කිරීම සඳහා විදුලි බලයෙන් ක්‍රියා කරන මෝටර් වාහන මෙරටට ගෙන්වීමට රජය ප්‍රමුඛත්වය දෙන බවට පරිසර අමාත්‍යවරයා කියයි.

දේශගුණික විපර්යාස සඳහා විසඳුම් ලබා දෙන හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ රාජ්‍ය අමාත්‍ය අනුකමිටුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉදිරියේදි විදුලි බැටරි ආරෝපණ මධ්‍යස්ථාන ප්‍රමාණය 350කින් වැඩි කරන බවද එක් ආරෝපණයකින් කිලෝමීටර් 550ක් ධාවනය කළ හැකි විදුලි වාහන ගෙන්වීමට අවධානය ඇතිව කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.

Comments