පොලිස් උස­ස්වීම් වසර 7කට පසුව | සිළුමිණ

පොලිස් උස­ස්වීම් වසර 7කට පසුව

සර 2014 සිට පුරප්පාඩු වී තිබූ පොලිස් දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි (ASP) තනතුර සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 230 දෙනකු හට උසස්වීම් ලබා දුන් බවත් එය එකවර එතරම් සංඛ්‍යාවකට උසස්වීම් ලබා දුන් පළමු අවස්ථාව බවත් මහජන ආරක්ෂාව පිළිබඳව ඇමැති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පැවැසීය. සහකාර පොලිස් අධිකාරි පුරප්පාඩු 46ක් සඳහ පොලිසියේ සිටින උපාධිලත් නිලධාරීන් සම්මුඛ පරීක්ෂණයකින් පසු උසස් කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා තවදුරටත් මෙහිදී හෙළි කළේ ය.

එසේම 560ක් පමණ වන මෙරට පොලිස් ස්ථානයන්හි ස්ථානාධිපතිවරුන් ලෙස නුදුරේදී ම කාන්තා නිලධාරිනියන්ද පත්කිරීමට කටයුතු කරන බවත් ඇමැති සරත් වීරසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Comments