පාලන මිල ඉවත් කළත් හිතු­මතේ වැඩ බෑ | සිළුමිණ

පාලන මිල ඉවත් කළත් හිතු­මතේ වැඩ බෑ

 කිරිපිටි, සිමෙන්ති, තිරිඟු පිටි හා ගෑස් යන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 4 ක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කළ ද යම් සමාගමක් අසාධාරණ ලෙස පාරිභෝගිකයන් පීඩාවට පත්වන ලෙස මිල වැඩි කරන්නේ නම් ඊට විරුද්ධ ව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න සිළුමිණට පැවැසීය.

 මේ මිල වැඩිවීම් අසාධාරණ ආකාරයෙන් සිදු කරන්නේ නම් එහි සාධාරණතාව පිරික්සීමට මිල ගණනය කරන ක්‍රමවේදයකට ආදේශ කරන බවත්, එහිදී අසාධාරණ ආකාරයෙන් මිල වැඩි කිරීමකට යන බව පෙනුණහොත් යළි පාලන මිලක් දැමීමට සිදුවන බවත් හෙතෙම අවධාරණය කළේ ය. කිරිපිටි සඳහා අපනයනකරුවන් විසින් කිලෝවකට රුපියල් 350 ක මිල වැඩි කිරීමක් අවශ්‍ය බව පසුගියදා ඔවුන් රජයට දැනුම් දුන් අතර රජය පවසා සිටියේ රුපියල් 200 ක මිල වැඩි කිරිමක් සලකා බැලිය හැකි බවත් ය.

කෙසේ වෙතත් මේ වන විට වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් පවතී. මේ වන විට ලෝක වෙළෙඳපොළේ යොදය සහිත කිරිපිටිවල මිල ඉහළ ගොස් ඇත්තේ 32% කින් බව ඔවුන්ගේ අදහසයි.

 

 

Comments