නොවැ­ම්බ­ර­යේදී සියලු පාසල් විවෘ­තයි | Page 2 | සිළුමිණ

නොවැ­ම්බ­ර­යේදී සියලු පාසල් විවෘ­තයි

සෞඛ්‍ය නිර්දේශ යටතේ පාසල් යළි විවෘත කිරීමේ ක්‍රියාන්විතයේ පළමු අදියර වශයෙන් ලබන 21 වැනිදා පාසල් සිසුන් 214,914 දෙනෙකුට යළිත් පාසල් දොරගුළු විවෘත වේ. මේ අනුව අදියර 4ක් යටතේ ශ්‍රී ලංකාවේ සියලු පාසල් නොවැම්බර් අවසානයට ප්‍රථම විවෘත වනු ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මහාචාර්ය කපිල් සී. පෙරේරා සඳහන් කරනුයේ පාසල් විවෘත කිරීමේ කාල පරතරය අවමය සති දෙකකට පමණ සීමා කෙරෙන අතර සිසුන් 40ට අඩු පන්ති කාමරවල සිසුන් කොටස් දෙකකට බෙදමින් ද සිසුන් 40ට වැඩි පන්ති කාමරවල සිසුන් කොටස් තුනකට ද බෙදමින් ද ගෙන්වීමට උපදෙස් ලබා දී ඇති බව ය.

Comments