දහම් පාසල්වලට නව ප්‍රති­පත්ති මාලා­වක් | සිළුමිණ

දහම් පාසල්වලට නව ප්‍රති­පත්ති මාලා­වක්

සියලු ආගම්වලට අදාළ දහම් පාසල් එකම ප්‍රතිපත්තිමය ක්‍රමවේදයක් යටතේ පවත්වාගෙන යාමට නව ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම සැලසුම් සකස් කිරීමට අදහස් කර ඇතැයි දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ සිළුමිණට කීය.

එම නව ප්‍රතිපත්ති මාලාව සකස් කිරීම සඳහා වන නිර්ණායක හා නීතිමය රාමුවක් සකස් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව පසුගිය 7 වැනිදා අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලද බව ඔහු පවසයි.

ඒ අනුව සියලු ආගම්වලට අයත් දහම් පාසල් අධ්‍යාපනයේ කාර්යභාරය හඳුන්වාදීම. ලියාපදිංචි ක්‍රමවේදය අධ්‍යාපන ලබා දෙන ක්‍රමවේදය ඇතුළු කරුණු ගැන සාකච්ඡා කර තිබේ.

Comments