ගැබිණි මාතාවන් 55 දෙනෙකුට රෝහල්ගත වීමේදී අවශ්‍ය භාණ්ඩ කට්ටල ලබාදීමේ පින්කමක් ඉකුත් 8 වැනිදා ‘කන්තලේ අපි‘ අධ්‍යාපන සේවකයන්ගේ සුබසාධක එකමුතුව මෙහෙයවීමෙන් කන්තලේ ශ්‍රී මෙත්තාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
තෙවැනි වරට සංවිධානය කළ මේ වැඩසටහන සඳහා ගැබිණි මවුවරැන්ට රැපියල් 4000/= ක් පමන වටිනා භාණ්ඩ කට්ටලයක් මෙහිදී ලබාදුන් අතර කන්තලේ, සේරැනුවර තඹලගමුව යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාසවලින් දිළිඳු මවුවරු මේ සඳහා තෝරා ගත් බව සංගමයේ ලේකම් කේ. ඩී. විජේපාල සිළුමිණට පැවැසීය.
පූජ්‍ය වැටක්ගම සෝරත හිමිගේ අනුශාසනා පරිදි මෙම පින්කම වාර්ෂිකව සංවිධානය කෙරේ.