පොත් පුවත් | සිළුමිණ

පොත් පුවත්

කෘතිය- බලන්ගොඩ නායක හාමුදුරුවෝ රහත් වෙලා (1965දී) 5-1

සංස්කරණය - බදුල්ලේ මෛත්‍රී රත්නායක

ප්‍රකාශක- මෛත්‍රී රත්නායක පදනම

මිල- 500/ පිටු ගණන- 132

විමසීම්- 071 9633422

පිරිනිවන් පා වදාළ මහ රහත් බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක ස්වාමීන්වහන්සේ පිළිබඳව කතුවරයා විසින් ලියා පළ කරන ලද ලිපි හා පොත්පත් කියවූ පාඨකයන් උන්වහන්සේ පිළිබඳ තවත් තොරතුරු හෙළි කරන ලෙස කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කතුවරයා විසින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. මෙම කෘතියට ඇතුළත් කර ඇත්තේ මහනාහිමියන් විසින් තමන් වහන්සේගේම අත්අකුරින් ලියන ලද සිංහල හා ඉංග්‍රීසි ලිපි පමණක් වන අතර එම ලිපි මෙතෙක් ජනගත වී නොතිබීම විශේෂත්වයකි.

කෘතිය- ලලිතවිස්තරය

කර්තෘ- ඒරුවැව ගුණසෝම හිමි

ප්‍රකාශක- සමයවර්ධන පොත්හල(පෞද්ගලික සමාගම)

මිල - 1359/ පිටු ගණන- 478

විමසීම්- 011 2683986

බුද්ධචරිතය පිළිබඳ විචාරපූර්වක අවබෝධයක් ලබාගැනීම සහ ගෞතම බුදුරජුන්ගේ ඓතිහාසිකත්වය නිර්ණය කිරීම සඳහා පූජ්‍ය ඒරුවැව ගුණසෝම හිමි විසින් ලියන ලද මෙම කෘතිය මහෝපකාරී වේ. සිද්ධාර්ථ බෝධිසත්ත්ව චරිතය ලාලිත්‍යයක් නොහොත් ක්‍රීඩාවක් ලෙස මෙහි වර්ණනා කර තිබෙන අතර, ගෞතම බුද්ධචරිතයේ සිදු වූ විවිධ සිදුවීම් වඩාත් විචිත්‍ර මෙන්ම අද්භූත ලෙසින් ඉදිරිපත් කර ඇත.

කෘතිය- ස්ත්‍රීයාවකගේ අපදානය

කර්තෘ- සී.වාස් ගුණවර්ධන

කර්තෘ ප්‍රකාශනයකි

මිල - 400/ පිටු ගණන- 239

විමසීම්- 034 2223331

යුගදිවිය සහ මාතෘත්වය පදනම් කරගනිමින් උපතේ සිට මරණය දක්වාම ස්ත්‍රිය මුහුණ දෙන විවිධාකාර දුක්කරදර ගැන සංවේදීව විවරණය කිරීමට කතුවරයා මෙම කෘතිය තුළින් උත්සාහ දරා ඇත. ඒ අනුව එක් ස්ත්‍රියක් පාසල් වියේ සිට මුහුණ දුන් විවිධාකාර අභියෝගය හා දුක්කරදරත් ඒවාට මුහුණ දුන් ආකාරයත් මේ ආපදානයේ දැක්වේ.

 

 

කෘතිය- Jataka Tales Abridged

කර්තෘ-ඩබ්. ඒ. අබේසිංහ

ප්‍රකාශක- සමයවර්ධන පොත්හල(පෞද්ගලික සමාගම)

මිල - 320/ පිටු ගණන-152

විමසීම්- 077 5087725

මුල් කාලීන බෞද්ධ සාහිත්‍යයේ සැලකිය යුතු අංගයක් මෙන්ම මානව ශිෂ්ඨාචාරය ආගමික වශයෙන් සාක්‍ෂාත් කර ගැනීමේ කැපී පෙනෙන ලක්‍ෂණයක් වන ගෞතම බුදුන්ගේ ජාතක කතාව තුළින් සංකේතවක් වන බුදුන්ගේ ශ්‍රේෂ්ඨත්වය මෙම කෘතියෙන්ද අපූරුවට විවරණය කෙරේ. විශේෂයෙන් තරුණ පරපුර ජාතක කතා කියවීමට උනන්දු කරන කෘතියකි.

 

 

කෘතිය- THE GREAT BOOK OF PROTECTION

කර්තෘ- ආචාර්ය කොටවිල ශ්‍රී ප්‍රේමාලෝක නාහිමි

ප්‍රකාශක- සමයවර්ධන පොත්හල(පෞද්ගලික සමාගම)

මිල -700/ පිටු ගණන- 277

විමසීම්- 011 2683986

මෙය නපුර පලවා හැරීම සහ වාසනාව ගෙන ඒම සඳහා විහාරස්ථානවල මෙන්ම නිවෙස්වලද පූජනීයත්වයෙන් සලකන මහා පිරිත් පොත් වහන්සේ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ කෘතියකි. ඉංග්‍රීසි සහ සිංහල බසින් කෘති රැසක්ම ලියා පළකර ඇති ආචාර්ය කොටවිල ශ්‍රී ප්‍රේමාලෝක නාහිමියෝ මේ වන විට සිංගප්පූරුවේ ආලෝක බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වාසය කරති.

 

කෘතිය- Theravada Buddhist Philosophy for the Modern World

කර්තෘ- පූජ්‍ය පෙනලබොඩ ඥාණාලෝක

ප්‍රකාශක- සමයවර්ධන පොත්හල(පෞද්ගලික සමාගම)

මිල - 450/ පිටු ගණන- 127

විමසීම්- 0775584902

රාජකීය පණ්ඩිත පෙනලබොඩ ඥාණාලෝක හිමියන් විසින් රචිත මෙම කෘතිය ථෙරවාදී බෞද්ධ දර්ශනය පිළිබඳ කාලෝචිත කෘතියකි. මෙයින් ථෙරවාදී බෞද්ධයා පිළිබඳ සංක්ෂිප්ත දැක්මක්ද පිළිඹිබු වේ. ථෙරවාදී බෞද්ධ දර්ශනය හුරු නැති අයට පවා අවබෝධ කර ගත හැකි ආකාරයේ තොරතුරු සපයන මාර්ගෝපදේශකයක් ලෙස ක්‍රියා කරන කෘතියකි.

Comments