කොවිඩ් වැළැකීමට ලොව වැඩිම කාලයක් වසා තැබූ නගරය | සිළුමිණ

කොවිඩ් වැළැකීමට ලොව වැඩිම කාලයක් වසා තැබූ නගරය

කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට ලොව වැඩිම කාලයක් වසා තිබූ නගරය බවට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය පත් වී ඇත.
 
වයිරස ව්‍යාප්තිය මැඩලීමට මෙල්බන් නගරය හය වරක් වසා දමා ඇත.
 
 පසුගිය වසරේ මාර්තු මස සිට මේ දක්වා නගර වැසියන් දින 246 ක කාලයක් වසා දැමීමේ නීති යටතේ ජීවත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි
 
 මීට පෙර වැඩිම කාලයක් වසා දමා තිබූ නගරය අයත් වූයේ ආර්ජන්ටිනාවටයි. එම නගරය දින 244ක කාලයක් වසා දමා තිබුණි
 
මේ අතර ඉහළ යන වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පාලනය කිරීමට ඇමරිකාවේ නිෂ්පාදිත මොල්නුපිරවිර් ඖෂධය ඇණවුම් කරන බව ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සඳහන් කරයි. 
 
මර්ක් සමාගම නිෂ්පාදනය කරන මෙම ඖෂධයෙන් මාත්‍රා ලක්ෂ තුනක් ගෙන්වීමට බලාපොරොත්තු වන බවයි ඔහු තවදුරටත් සඳහන් කරයි
 

Comments