මෙරට කොවිඩ් මරණ 13,000 සීමාව පන්නයි | සිළුමිණ

මෙරට කොවිඩ් මරණ 13,000 සීමාව පන්නයි

මෙරට සිදුවූ තවත් කොවිඩ් මරණ 55ක් පසුගියදා(01) දිනයේ දී සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(02) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
මෙලෙස මිය ගිය පිරිස අතර පුරුෂයින් 38 දෙනෙක් හා කාන්තාවන් 17 දෙනෙක් වේ.
 
අවුරුදු 60 සහ ඊට වැඩි පුරුෂයින් 27 ක් හා කාන්තාවන් 11ක් ඊට අයත්ය. එමෙන්ම ඒ අතර අවුරුදු 30-59 අතර පුරුෂයින් 11ක් හා කාන්තාවන් 04 දෙනෙක් වේ. අනෙක් දෙදෙනා අවුරුදු 30ට අඩු කාන්තාවන් දෙදෙනෙකි. 
 
ඒ අනූව මෙරට දී සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,019ක් වනු ඇත. 

Comments