UniDil සමා­ග­මෙන් ගම්පහ රෝහලට Negative Pressure Ventilation යන්ත්‍ර­යක් | සිළුමිණ

UniDil සමා­ග­මෙන් ගම්පහ රෝහලට Negative Pressure Ventilation යන්ත්‍ර­යක්

ඇසුරුම් නිෂ්පාදකයකු වන UniDil සමාගම, තවත් විශේෂ සමාජ සත්කාරයක් සිදුකරමින්, ගම්පහ රෝහලේ කොවිඩ් දැඩිසත්කාර ඒකකයට රුපියල් මිලියන 1.2ක් වටිනා Negative

Pressure Ventilation යන්ත්‍රයක් පරිත්‍යාග කළේය. මෙම යන්ත්‍රය, කොවිඩ් දැඩිසත්තාර ඒකකයේ ඇති දූෂිත වායු ඉවත්කර එය පිරිසිදුව සහ සෞඛ්‍යා රක්ෂිතව තබා ගැනීමටත්, අහිතකර වායු රෝහලේ අනෙතුත් පරිශ්‍රයන්ට ඇතුළු නොවීමටත් උපකාර වේ. මෙම Negative Pressure Ventilation යන්ත්‍රය ප්‍රදානය කිරීමේ අවස්ථාවට UniDil සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි බැනට් ගමලත් , මුල්‍ය කළමනාකාර ඉන්දික ඉලුක්කුඹුර, විකුණුම් සහ අලෙවිකරණ ප්‍රධානි මංගල සුභසිංහ, මානව සම්පත් කළමනාකරණ ප්‍රධානී දිලීප ධනංජය, ගම්පහ රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහභාගි වූහ. මෙම සමාජසත්කාරය සිදුකරන ලද්දේ වෛද්‍ය සම්පත් කුලතුංග ගේ ඉල්ලීමක් අනුවය.

වසර 25කට වැඩි ඉතිහාසයකට උරුමකම්කියන UniDil සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ කීර්තිමත්ම ව්‍යාපාර සමූහයක් වන UniDil සමාගම් සමූහයට අයත් තවත් උපසමූහ ව්‍යාපාරයකි. රැලි ඇසුරුම් නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වනUniDil සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාගම් සඳහා සිය නිෂ්පාදන අඛණ්ඩව සපයයි. නවීනතම කළමනාකරණ ක්‍රමවේද භාවිතයෙන්, ගුණාත්මක භාවයෙන් උසස් ඇසුරුම් අඩුපිරිවැයක් යටතේ නිෂ්පාදනය කිරීමට සමාගම නිරන්තරයෙන් කැප වී ක්‍රියාකරයි.

කලට වෙලාවට භාණ්ඩ සැපයීම මෙන්ම, අලෙවියෙන් පසු විශිෂ්ට සේවය හේතුවෙන්, ක්ෂේත්‍රයේ වඩාත් විශ්වාසනීය සන්නාමය බවට UniDil සමාගම පත්ව ඇත.

Comments