Exquizition තර­ගා­ව­ලියේ කිරුළ කොළඹ ආන­න්දයට | සිළුමිණ

Exquizition තර­ගා­ව­ලියේ කිරුළ කොළඹ ආන­න්දයට

 

 

ආනන්ද විද්‍යාලය පසුගිය දිනවල පාසල් අතර ආන්දෝලයට ලක් වෙමින් සමාජයේ වැඩි කතාබහට ලක්විය. ඒ Royal Institute පාසල මඟින් සංවිධානය කළ Exquizition තරගාවලියේ අවසන් මහා තරගාවලිය සඳහා කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය හා ආනන්ද විද්‍යාලය තරග වැදුණහ. එහිදී කරට කර තරගයක යෙදෙමින් ශාන්ත තෝමස් විද්‍යාලය පරාජය කරමින් ආනන්දය කිරුළු පලඳන ලදී. තෙවන ස්ථානය ඩී. ඇස්. සේනානායක විද්‍යාලය හිමිකරත්තේය.

 

මීට පෙරත් ඔවුන් බිෂොප් විද්‍යාලය මඟින් සංවිධානය කළ බ්‍රේන්වේව් 21 රාජකීයන් පරාජය කරමින් ශූරතාවය දිනා ගන්නට සමත් විණි.

තරග හමුවේ කරට කර නොසැලී ඉදිරියට යමින් ආනන්දීයන් තම ජයග්‍රහණය කරා පැමිණීම පිටුපස ඔවුනට දිරිය දුන් බොහෝ දෙනා ඇත. විශේෂයෙන්ම විද්‍යාලීය විදුහල්පතිතුමා වන එස්.එම් කීර්තිරත්න, තරගාවලි පුහුණුකරු දමින්ද කුඩලිගම ඉන් ප්‍රධාන වේ. එමෙන්ම මෙම ජයග්‍රහණය පිටුපස ආදි ආනන්දයන්ගේ කැපවීමද අමතක කළ නොහැකිය. ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන්ද නිරන්තරයෙන් මෙම තරග සඳහා දැනුමෙන් හා පුහුණු කිරීම්වලින් නොමඳ සහය ලැබීය. මේ සියල්ලන්ගේම ඉමහත් කැපවීම ජයග්‍රාහී මල්ඵල ගැන්වූ අවස්ථාවක් ලෙස සටහන් තබති.

මෙම කණ්ඩායමෙහි නායකයා වශයෙන් කටයුතු කරනුයේ තිතීෂ මහබදුගේ සිසුවා ය. උප නායක චමෝද සත්සර වන අතර ජනිරු විජේකෝන් හා එජීන් අංජල් අනෙක් සිසුන් වේ. විදුහල්පතිතුමා පවසන ආකාරයට කාලයක් තිස්සේ පුහුණුවීම් කරමින් සිසුන් 40-50ක පමණ සමස්ත කණ්ඩායමක් දැනුම මිනුම තරග සඳහා සූදානම් කර ඇත. ඉන් අති දක්ෂයන් සිවුදෙනකු මෙවර Exquizition හා Brainwave ජය තහවුරු කළේය. වැඩි දුරටත් මේ ජයග්‍රහණය සම්බන්ධ විස්තර කරමින් ඔහු කියා සිටියේ නූතන ලෝකයේ සිදුවන සියලු දෑ නිරීක්ෂණය කරමින් විශ්ව දැනුම සොයා යන පිරිසක් වූ බැවින් මෙම ජයග්‍රහණය ඔවුනට හිමි වූ බවත්ය. පොතපත කියවීම, අන්තර්ජාලයෙන් දැනුම සොයාගෙන යාවත්කාලීන කරගැනීම , නව නිපැයුම් පිළිබඳව,සමාජ ආර්ථික දේශපාලනය යන සියලු ක්ෂේත්‍ර පිළිබඳ ඔවුන් දැනුම සොයායන පිරිසක් බැව් සඳහන් කළේය.

දමින්ද කුඩලිගම විසින් පවසා සිටියේ මෙම සිසු කණ්ඩායම ඉතා ශක්තිමත් දැනුමෙන් යුතු පිරිසක් ලෙසත් ඕනෑම සමාජ, ආර්ථික, දේශපාලන, පාරිසරික තත්ත්වයකදී වුවද තම අධ්‍යාපනයට එය බාධාවක් නොගෙන ඉදිරියට යන දරුවන් පිරිසක් බවය. කොවිඩ් 19 හමුවේ වුවද එහි ගොදුරක් වී තම අරමුණු පරාජයට යාමට නොදී එම අභියෝගයත් තම දැනුමට ලද අත්දැකීමක් පමණක් යැයි සලකා කටයුතු කර ඇත.

ඒ වගේම ඔහුගේ කණ්ඩායමේ අනිත් සාමාජිකයන්ගේ ද කැපවීම ඔහු අගය කළේය.කණ්ඩායමක් වශයෙන් සාමූහිකව ඒකරාශී වී කළ අපූරු ක්‍රියාන්විතයකි මේ. ආනන්දයේ කීර්තිය නැවත වරක් ඔසවා තැබීමට මේ දරුවන්ගේ දස්කම් වලට හැකිවීම සතුටට කරුණකි. තරගකාරී සමාජය තුළ දරුවන්ද දැඩි පීඩනයක යෙදෙන අතර මෙවන් කුසලතා ඇති දරුවන් රටට වැඩදායී පෞරුෂත්මත් අනාගතයක් ගොඩනගා ගැනීමට රුකුලක් වේ.

 

Comments