ගමේ පාරවල් හදන්න ලෝක බැංකුවෙන් ඩොලර් කෝටි 50ක් | සිළුමිණ

ගමේ පාරවල් හදන්න ලෝක බැංකුවෙන් ඩොලර් කෝටි 50ක්

 

මෙරට ග්‍රාමිය මාර්ග සංවර්ධනය සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් කෝටි 50ක ප්‍රදානයක් සිදුකර ඇත. මේ අතර ඉදිරි අයවැයෙන් ග්‍රාමීය සංවර්ධනය සඳහා මෙතෙක් ලබා නොදුන් අන්දමේ නොවූ විරූ මුදලක් ලබාදීමටද අපේක්ෂා කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් හෙළි වෙයි.

මේ අනුව මෙරට ප්‍රථම වරට ලබන වසර සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන්ට මිලියන 100 බැගින් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මිලියන 100 බැගින් ද පසුගිය පළාත් සභාවල මන්ත්‍රීවරුන්ට රුපියල් මිලියන 20 බැගින් ද ග්‍රාමීය සංවර්ධනය සඳහා ලබාදීමට අපේක්ෂා කෙරේ.

Comments