රාජකාරිය දේවකාරිය කරගත් ගාල්ලේ සුව විරුවෝ | සිළුමිණ

රාජකාරිය දේවකාරිය කරගත් ගාල්ලේ සුව විරුවෝ

බටපොල ප්‍රාෙද්ශී්‍ය රෝහලේ කොවිඩ් වාට්ටුවේ සිටි පළමු රෝගියා සුවය ලබා පිටත්වීම.

 

කොවිඩි වසංගත තත්වය හමුවේ සුව විරුවන්ගෙන් සිදුවන්නේ සුවිශේෂි වු කාර්යභාර්යකිග ඔවුහු කොරෝනා අවදානම ද නොතකා කොවිඩි ආසාදිත රෝගින් සුවපත් කිරිම සඳහා මෙන්ම රෝගය පාලනය කිරිම සඳහා දැඩිකැපවිමකින් කටයුතු කරති. සෞඛ්‍ය කම්කරුවාගේ, සිට වෛද්‍යවරයා දක්වා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම සේවකයන් මේ වසංගත අවස්ථාවේ දි දිවා රාත්‍රි නොබලමින් කටයුතු කරති. මේ නිසා සුව විරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ද දැඩි අවදානමකට ලක්ව සිටිති. එහෙත් සුව විරුවන් සිය රාජකාරිය දේවකාරියක් ලෙස සලකා කටයුතු කරති.

කොවිඩ් අවදානම හමුවේ ඇතැම් සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයින් කොරෝනා වයිරසයට ගොදුරුවෙති. සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සාමාජිකයකුට කොවිඩ් වෛරසය ආසාදනය වු විට දින 10කින් පසු යළි සේවයට වාර්තා කළ යුතුය. මක්නිසාදයත් සෞඛ්‍ය සේවකයින් අත්‍යවශ්‍ය සේවකයන් පිරිසක් බැවිනි. ඒ කොයිහැටිවුවද තුන්වැනි කොරෝනා රැල්ල ආරම්භයත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයින් සැලකිය යුතු පිරිසක් කොවිඩ් වෛරසයට ගොදුරුවුහ. ගාල්ල දිස්ත්‍රික්කයේ සෑම රෝහලකම පාහේ කොවිඩ් වෛරසය ආසාදනය වු රෝහල් සේවකයන් හමුවි තිබේ. එහෙත් අප මේ කියන්නට යන්නේ කොරෝනා රැල්ල ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කිසිදු සාමාජිකයකුට කොවිඩ් වයිරසය ආසාදනය නොවු රෝහලක් ගැනය. ඒ බටපොල ප්‍රාදේශිය රෝහලය.

කොරෝනා රෝගීන් සඳහා මෙම වාට්ටුව ඉදිකොට ඇත්තේ කොවිඩ් වාට්ටුවේ කලාප තුනකට නම්කොටය. කොරෝනා ආසාදිත රෝගීන් සිටින කලාපය රතු පැහැයෙන් නම් කර ඇති අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ඇඳුම් ඇදිම සඳහා සුදානම්වන කලාපය කහ පැහැයෙන් නම් කොට ඇත්තේය. මේ කලාප දෙකට අතරමැදිව පිහිටි කලාපය කොළ පැහැයෙන් නම් කොට තිබේ. මෙකි සියලු සැලසුම් කොට ඇත්තේ බටපොල ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඒ. ඩබ්ලිව්. ඒ. එස්. පියරත්න වෛද්‍යතුමාගේ උපදෙස් පරිදිය. මෙම කොවිඩි වාට්ටුව ඉදිකිරිම සඳහා රුපියල් ලක්ෂ 13 ක මුදලක් වැයවි තිබෙන අතර ඉන් ලක්ෂ 07ක් පමණ වටිනා භාණ්ඩ හා අවශ්‍ය උපකරණ ලබාදි ඇත්තේ දානපතියන් විසිනි. කොවිඩ් ආසාදිත රෝගින් වෙනුවෙන් වෙන්කොට ඇති වාට්ටුවට අමතරව රෝහලේ බාහිර ප්‍රතිකාර අංශය ද ක්‍රියාත්මක වන අතර සාමාන්‍ය රෝගීන් ඇතුළත් කරගැනිම ද සිදුකෙරේ.

රෝහලේ කාර්යමණ්ඩලය 50කි. වෛද්‍යවරු 06 දෙනෙකු, හෙද හෙදියන් 10 දෙනෙකු හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් 26 දෙනෙකු සේවය කරති. රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු දේනා එක් කණ්ඩායමක් ලෙස දැඩි කැපවිමෙන් කටයුතු කරන අතර මෙකී රෝහලේ සේවය කරන ගිලන් රථ රියදුරු කේ. ජි ගිතානන්ද හා සහායක තරංග ලසිත් විජේනායක ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුය. මොවුන් දෙදෙනා තුන්වැනි කොරෝනා රැල්ල ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළදී කිසිදු නිවාඩුවක් ලබා නොගෙන සිය සේවාව පැය 24 මුළුල්ලේම ලබාදෙති. ඒ සඳහා ප්‍රශංසා ඇගයිම් බලාපොරොත්තු නොවෙති.

ගීතානන්ද 2018 වර්ෂයේ දි ගාල්ල දිස්ත්‍රික්කයේ විනියගරුකම ගිලන් රථ රියදුරු ලෙස ඇගයිමටද ලක්විය.

 

පියරත්න වෛද්‍යවරයා ද මේ කාලය තුළ නිවාඩු ලබාගෙන නැමැති අතර ඔවුහු කොවිඩ් රෝගින් වෙනුවෙන් දිවා රාත්‍රි නොබලමින් කටයුතු කරති. ගිලන් රථ රියදුරු ගිතානන්ද මේ කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩි ආසාදිත රෝගින් 400කට අධික සංඛ්‍යාවක් සිය ගිලන් රථයෙන් ප්‍රවාහනය කොට තිබේ. මුල් කාලයේ දි හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්කවල පිහිටි කොවිඩ් වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොවිඩ් ආසාදිත රෝගීන් රැගෙන ගොස් ඇත. ඒ විතරක් නොව කොවිඩි මළ සිරුරු ආදාහනාගාර වෙත රැගෙන යාමද ගීතානන්ද හා සහායක තරංග විසින් මේ වනවිටත් සිදුකරමින් සිටිති. ගිලන් රථ සහායක තරංගගේ දැතින් එසැවූ කොවිඩ් මළ සිරුරු සිය ගණනකි. ඇතැම් අවස්ථාවලදි නිවෙස්වලදි මිය යන කොවිඩි ආසාදිත පුද්ගලයින්ගේ දේහයන් ගිලන් රථය තුළට පැටවිමට පවා සිදුකරන්නේ තරංග විසිනි.

මේ ගැන බටපොල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඒ. ඩබ්ලිව්. ඒ. එස්. පියරත්න අපිට කිවේ මෙවැනි කතාවකි.

“අපේ රෝහලේ කාර්යමණ්ඩලයේ සියලු දේනා එකාවන්ව යක්කු වගේ වැඩකරනවා. කොරෝනා රැල්ල ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ රෝහල් කාර්ය මණ්ඩලයේ කිසිදු අයෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වෙලා නැහැ. රෝහල් කාර්ය මණ්ඩලයේ සියලුදෙනා සෞඛ්‍ය මාර්ග උපදෙස් අකුරටම පිළිපදිනවා. කාර්යමණ්ඩල සාමාජිකයන්ට වරින්වර කොරෝනා වසංගතයත් සමඟ කටයුතු කළයුතු ආකාරය ගැන විවිධ අවස්ථාවලදි පුහුණුවිම් ලබාදිලා තියෙනවා. ගිලන් රථ රියදුරු හා සහායක තුන්වැනි කොරෝනා රැල්ල ආරම්භයේ සිට මේ දක්වා කිසිදු නිවාඩුවක් ලබාගෙන නැහැ. ඔවුන් විශාල කැපකිරිමක් කරනවා. ඇත්තටම එය අගය කළයුතුයි. මොවුන් දෙදෙනා යම්කිසි කාර්යයක් පැවරූවිට නැහැ බැහැ කියන්නේ නැහැ. කොවිඩි ආසාදිත රෝගින්ගේ මනස සුවපත් කිරිම සඳහා රෝහල තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. සංගිතය හා පිරිත් ශ්‍රවණය කිරිමට අවස්ථාව උදාකර දීලා තියෙනවා. රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය මුඛ ආවරණ ඒ අය විසින්ම මසා ගත්තා. දානපතියන් ගොඩක් උදව් කළා යැයි පියරතන වෛද්‍යතුමා කිවේය.

බටපොල ප්‍රාදේශිය රෝහලේ තත්ත්වය එසේ වුවද තුන්වැනි කොරෝනා රැල්ල ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය මඟින් පාලනය වන සෞඛ්‍ය ආයතනවල සේවය කරන රෝහල් කාර්යමණ්ඩලයේ සාමාජිකයන් 180 දෙනෙකු කොවිඩ් වයිරසය ආසාදනය වි සිටිති. වෛද්‍යවරු, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්, හෙද හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන්, මහජන සෞඛ්‍ය පරික්ෂකවරු, රෝහල් උපස්ථායකයින්, කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු සියලුම සේවාවලට අයත් සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් මේ අතර සිටිති.

ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි අප හා පැවැසුවේ,.

ගාල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් රෝහල්, මුලික රෝහල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල, පර්යන්ත රෝහල්ල සහ දිසා රෝහල්වල සේවය කරණ සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් 180 දෙනෙකුට තුන්වැනි කොරෝනා රැල්ල ආරම්භයත් සමඟ මේ දක්වා කාලය තුළ කොවිඩ් වයිරසය ආසාදනය වෙලා තියෙනවා. ඇත්තටම මේ අවස්ථාවේ සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයින් සියලු කනිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයාගේ සිට වෛද්‍යවරු දක්වා සියලු දේනා දැඩිකැපවිමකින් කටයුතු කරණවාග දින 10ක වගේ කාලය තුළ වෛද්‍යවරු 03 දෙනෙකු කොවිඩ් වයිරසය ආසාදනය වුණා. මේ මොහොත වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් දෙදෙනෙකු කොවිඩ් වයිරසය ආසාදනය වි ප්‍රතිකාර ලබමින් සිටිනවා. එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයකු තවමත් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා යැයිද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කළේය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසන්නේ අගෝස්තු මස 01 වැනිදා සිට ඉකුත් 20 වැනිදින දක්වා කාලය තුළදි රෝහල් කාර්යමණ්ඩලයේ 185 දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවය. දිනකට රෝහල් කර්යමණ්ඩලයේ දෙතුන් දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වන බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පවසන්නේය. මෙකී කාලය තුළ කොවිඩ් වයිරසය ආසාදනය වූවන් අතර රෝහලේ වෛද්‍යවරු 14 දෙනෙකු සහ හෙද හෙදියන් 65 දෙනෙකු සිටින බව ඔහු පවසයි. මේ අතර පසුගිය කාලය තුළදි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු හා එහි කාර්යමණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකුටද කොවිඩ් වයිරස ආසාදනය වි තිබුණි.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් විසින් ද කරනු ලබන්නේද සුවිශේෂි වූ කාර්යභාර්යකි. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ විධායක සභික ලක්මා චාන්දනි මෙසේ කිවාය.

“මේ මොහොත වනවිට මමත් කොවිඩ් වයිරසය ආසාදනය වෙලා ප්‍රතිකාර ලබමින් ඉන්නේ. තුන්වැනි කොරෝනා රැල්ල ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළදි ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් 60 දෙනෙකුට පමණ කොවිඩ් වයිරසය ආසාදනය වුණා. මේ වනවිට ඉන් 10 දෙනෙකු පමණ සක්‍රිය කොවිඩ් වයිරසය ආසාදිතයින් ලෙස ප්‍රතිකාර ලබමින් සිටිනවා. මින් වැඩි පිරිසක් ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට අනුයුක්තව සේවය කරන නිලධාරිණියන් බවද ඇය සඳහන් කළාය.

තුන්වැනි කොරෝනා රැල්ල ආරම්භයත් සමඟ මේ දක්වා කාලය තුළ දි උඩුගම රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 19 දෙනෙකුට පමණ කොවිඩ් වයිරසය ආසාදනය වූහ. ඒ අතර වෛද්‍යවරුන් 04 දෙනෙකු හා හෙද හෙදියන් 10 දෙනෙකු සිටි බවද උඩුගම රෝහලේ ප්‍රකාශකයකු සදහන් කළේය. දකුණු පළාත් සභාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සාමාජිකයින් 150 දෙනෙකු පමණ මේ වනවිට කොවිඩ් වයිරසය ආසාදනය වි ප්‍රතිකාර ලබමින් සිටින බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග පවසන්නේය. මෙකි සෞඛ්‍ය කාර්යමණ්ඩලවල සාමාජිකයින් 150 දෙනා මේ වනවිට කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ සුව විරුවන් කරනු ලබන්නේ විශාල කාර්යභාර්යකි. මෙකී සුවවිරුවන්ට අවශ්‍ය සියලු යටිතල පහසුකම් මෙන්ම ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමට දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ

කටයුතු කර ඇත්තේය.

Comments