SLIIT, 2021 බඳවා ගැනිම් සැප්තැ­ම්බර් මාසයේ | සිළුමිණ

SLIIT, 2021 බඳවා ගැනිම් සැප්තැ­ම්බර් මාසයේ

ඵලදායී හා ප්‍රායෝගික බවින් යුත් උපාධි පාඨමාලා සහ ශක්තිමත් නායකත්වයකින් යුත් උසස් තත්ත්වයේ උපාධිධාරීන් බිහිකිරීමෙහිලා පිළිගැනීමක් ඇති SLIIT විසින් අනාගත උපාධි අපේක්ෂයකයින් හට 2021 සැප්තැම්බර් මාසය සඳහා ලියාපදිංචි වීමට ආරාධනා කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උපාධි පිරිනමන ආයතනය වන SLIIT මඟින් නවක සිසුන් සඳහා පරිගණක, ව්‍යාපාර, ඉංජිනේරු, අධ්‍යාපන, මනෝවිද්‍යා , හෙද, නීතිය, ගෘහනිර්මාණ ශිල්පය, ප්‍රමාණ සමීක්ෂණ සහ ආගන්තුක සත්කාර හා සූපවේදය, මානව විද්‍යා හා විද්‍යා ඇතුළු පුළුල් පරාසයක විහිදී ගිය උපාධි අපේක්ෂක වැඩසටහන් තෝරාගැනීමට අවස්ථාව සලසා දී තිබේ. SLIIT විසින් පිරිනමනු ලබන සියලුම උපාධි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ උසස් අධ්‍යාපන අමාත්‍යාං ශය විසින් අනුමත කර ඇත. ඒ අනූව සිසුන්ට ඕස්ට්‍රේලියාවේ පිහිටි 'කර්ටින්'විශ්වවිද්‍යාලය (Curtin University) සහ 'විලියම් ඇන්ග්ලිස්' ආයතනය (William Angliss Institute), එක්සත් රාජධානියේ පිහිටි 'ලිවර්පූල් ජෝන්මුවර්ස්' විශ්ව විද්‍යාලය (Liverpool John Moores University ) වැනි විශ්ව විද්‍යාලය සහ අධ්‍යාපන ආයතන සඳහා විදේශ උපාධි පාඨමාලා වෙනුවෙන් ඇතුළත්වීමේ හැකියාව ඇත.

Comments