OPPO සිය 17 වන සංව­ත්ස­රය සම­රයි | සිළුමිණ

OPPO සිය 17 වන සංව­ත්ස­රය සම­රයි

ස්මාර්ට් දුරකථන හා උපාංග සම්බන්ධ ලොව ප්‍රමුඛයෙකු වන OPPO 2021 සැප්තැම්බර් 17 වන දින සිය 17 වැනි සංවත්සරය සැමරී ය. පසුගිය දශකය තුළ OPPO සමාගම ස්මාර්ට් දුරකථන නිෂ්පාදන සමාගමක සීමාවෙන් ඔබ්බට ගොස් ස්මාර්ට් උපාංග ක්ෂේත්‍රයේ පුරෝගාමී නවෝත්පාදකයෙකු බවට පත්වීමටත්, සුවිශේෂී උපාංග පෙළක් ලොවට හඳුන්වා දීමටත් සමත් වී තිබේ. මේ වනවිට එම සමාගම උසස්ම ප්‍රමිතියෙන් යුත් අලංකාර නිෂ්පාදන රැසක් එළිදක්වමින්, තම ව්‍යාපාර කටයුතු ලොව පුරා ව්‍යාප්ත කරමින් සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Xinda Lanka (පුද්.) සමාගමේ (OPPO Lanka) ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා මෙසේ පැවසී ය. “OPPO සමාගම 17 වන සංවත්සරය සමරන මේ මොහොතේ, ශ්‍රී ලාංකික OPPO පාරිභෝගිකයන් සහ රසිකයන් සියලු දෙනාටම මගේ ස්තූතිය පළකිරීමට මා කැමතියි. ඔවුන් නිසා නවෝත්පාදනය සම්බන්ධයෙන් අප තුළ ඇති උනන්දුව තව-තවත් වැඩිදියුණු වනවා. අපගේ ඉලක්කය වන්නේ ජාත්‍යන්තර තාක්ෂණයන් දේශීය පාරිභෝගිකයන් වෙත දිගින් දිගටම සමීප කරවීම සහ, උසස් තත්ත්වය ආරක්ෂා කරගනිමින් සහනදායී මිලගණන් යටතේ එම තාක්ෂණික නිෂ්පාදන මිලදී ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබාදීමයි.”

මේ වනවිට OPPO සමාගම රටවල් සහ කලාප 50 කට පමණ තම අති-නවීන ස්මාර්ට් දුරකථන සහ අනෙකුත් උපාංග හඳුන්වා දී තිබේ. මෙම වසරේදී 5G, Imaging සහ VOOC Flash Charging යන තාක්ෂණයන්ට අදාළ සුවිශේෂී නව සොයාගැනීම් පෙළක් එළිදැක්වීමටද සමාගම කටයුතු කළේ ය. ෂැංහයි නගරයේදී පැවති 2021 Mobile World Congress හිදී Flash Charging හවුල්කරුවන් සඳහා සම්මන්ත්‍රණයක් පැවැත්වීමට OPPO කටයුතු කළ අතර, එහිදී උපාංග ආරෝපණය කිරීම, 5G සම්බන්ධතාව සහ ස්මාර්ට් තාක්ෂණය සම්බන්ධයෙන් නවෝත්පාදනයන් රැසක් එළිදක්වන ලදි.

Comments