HNB FINANCE PLC හි නව සභා­පති ඩිල්ෂාන් රොද්‍රිගෝ | සිළුමිණ

HNB FINANCE PLC හි නව සභා­පති ඩිල්ෂාන් රොද්‍රිගෝ

HNB FINANCE PLC හි නව සභාපතිවරයා ලෙස ඩිල්ෂාන් රොද්‍රිගෝ 2021 වසරේ සැප්තැම්බර් 10 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති අතර ඔහු සමාගමේ ස්වාධින නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස ද අදාළ දින සිට කටයුතු කරනු ඇත.

හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් 2014 වසරේ සිට 2021 සැප්තැම්බර් දක්වා HNB FINANCE PLC හි සභාපතිවරයා ලෙසින් සමාගමේ උන්නතිය උදෙසා අනභිභවනීය සේවාවක් ඉටුකළ අතර මෙම වසරේ සැප්තැම්බර් 10 වැනිදා සිට HNB FINANCE PLC හි නව සභාපතිවරයා ලෙස ඩිල්ෂාන් රොද්‍රිගෝ එම තනතුරේ වගකීම් උසුලනු ඇත.

ඩිල්ෂාන් රොද්‍රිගෝ බැංකු, රක්ෂණ, ආයෝජන බැංකුකරණය සහ ඇඟලුම් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි උසස් තනතුරු හොබවා ඇත. එමෙන්ම ඔහු දැනට Hatton National Bank PLC හි විධායක අධ්‍යක්ෂ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වශයෙන් සේවය කරන අතර HNB Assurance Guardian Acuity Management Lanka Financial Services Bureau Ltd සහ Credit Information Bureau ආදී ආයතන වලද ඉහළ තනතුරු දරමින් අනගි සේවයක් ඉටුකරමින් සිටී.

ව්‍යාපාර තිරසර ලෙසින් මෙහෙයවීමේ ප්‍රබල හැකියාවක් සහ ශක්තිමත් නායකත්වයක් සතු ඔහු මේ වනවිටත් HNB බැංකුවේ මෙහෙයුම් ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ කාර්යාවලියට උරදෙමින් ඒ සඳහා ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙන්නෙකි.

Comments