ළමුන් සඳහා එන්න­ත්ක­ර­ණය ඇරැ­ඹෙයි. මිථ්‍යා මත­ව­ලට නොරැ­වටී එන්න­ත්ක­ර­ණ­යට එක්වන්න | සිළුමිණ

ළමුන් සඳහා එන්න­ත්ක­ර­ණය ඇරැ­ඹෙයි. මිථ්‍යා මත­ව­ලට නොරැ­වටී එන්න­ත්ක­ර­ණ­යට එක්වන්න

 ළමුන් සඳහා එන්නත්කරණ වැඩපිළි‍වෙළ සැප්තැම්බර් 24 සිකුරාදා රට පුරා  රෝහල්වලදී ඇරැඹුණු අතර එහිදී මූලිකව එන්නත්කරණයට ලක්කරනු ලැබුවේ වයස අවුරුදු 12ත් 19ත් අතර සංකූලතා සහිත දරුවන්ය. මෙවැනි දරුවන් 35,000ක් පමණ සිටින අතර ඔවුනට ෆයිසර් එන්නත් ලබාදීම සිදු කෙරේ.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන රෝහල්වලදී මෙම  එන්නත්කරණය පැවැත්වෙන අතර ඔක්තෝබර් අවසානය වන විට එය අවසන් කිරීමට රජය කටයුතු යොදා ඇත. මිථ්‍යා මතවලට හසු නොවී දරුවන් එන්නත්කරණයට සක්‍රීයව යොමු කරන ලෙස විශේෂඥ වෛද්‍යවරු, දෙමාපිය සහ වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටිති.

වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදු කළ අතර මේ එහි එක් අවස්ථාවකි. ප්‍රථම එන්නත ලබා දෙන ලද්දේ හුණුපොළ,  පහළගම පදිංචි 14 හැවිරිදි දරුවෙකුටය. මේ අවස්ථාවට අගමැති ආර්යා ශිරන්ති  රාජපක්ෂ, සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල, විශේෂඥ වෛද්‍යවරුන් වන එම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, ළමා රෝහලේ අධ්‍යක්ෂ  ජී. විජේසූරිය සහ අනුරුද්ධ පාදෙනිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Comments