සෙලාන් ටිකිරි වෙතින් අන්ත­ර්ජා­ලය හරහා ගිණුම් විවෘත කිරීමේ අව­ස්ථාවක් | Page 2 | සිළුමිණ

සෙලාන් ටිකිරි වෙතින් අන්ත­ර්ජා­ලය හරහා ගිණුම් විවෘත කිරීමේ අව­ස්ථාවක්

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ශ්‍රී ලංකාවේ අංක එකේ ළමා ඉතුරුම් ගිණුම වන සෙලාන් ටිකිරි ගිණුම් සඳහා, අන්තර්ජාලය ඔස්සේ ගිණුම් විවෘත කිරීමේ පහසුකම හඳුන්වා දී තිබේ. පවතින වාතාවරණය යටතේ ගනුදෙනුකරුවන්ගේ පහසුව හා ආරක්ෂාවට මුල්තැන දීමේ වැදගත්කම අවධාරණය කිරීමේ පියවරක් වශයෙන් මෙය හැඳින්විය හැකි ය. මෙම නව පියවර මඟින් දරුවන්ටත් දෙමාපියන්ටත් බාහිර පුද්ගලයන් සමඟ අවම සම්බන්ධතා පවත්වා ගනිමින් බැංකු කටයුතු සිදුකළ හැකි වන අතර, පවතින තත්ත්වය යටතේ පවා බාධාවකින් තොරව දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීමට මෙය මහෝපකාරී වනු ඇත.

සෙලාන් බැංකුව සැමවිටම තම ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා ඩිජිටල් විසඳුම් හඳුන්වා දීම සම්බන්ධයෙන් පෙරමුණ ගෙන සිටී. අන්තර්ජාලය ඔස්සේ සෙලාන් ටිකිරි ගිණුම් විවෘත කිරීමට අවස්ථාව ලබාදීම, එම උත්සාහයේ නවතම පියවර ලෙස හැඳින්විය හැකි වේ. මේ ආකාරයට තම දරුවන් වෙනුවෙන් සෙලාන් ටිකිරි ගිණුමක් විවෘත කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන්/භාරකරුවන් www.seylan.lk වෙත පිවිසී අයදුම් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතු ය. තමන්ට කැමති ශාඛාවකදී ගිණුමට අදාළ අත්සන යෙදීම සහ ගිණුම් පාස් පොත ලබාගැනීම සිදුකළ හැකිය. මෙමඟින් කාර්යබහුල දෙමාපියන්ටත් / භාරකරුවන්ටත් ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාවලිය සඳහා බැංකුවේ ගත කළ යුතු වන්නේ සුළු වේලාවක් පමණි.

Comments