සා.පෙ. ප්‍රති­ඵල ගැන ගුරු සංගම් මැසි­විලි | සිළුමිණ

සා.පෙ. ප්‍රති­ඵල ගැන ගුරු සංගම් මැසි­විලි

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම තුළ මෙතෙක් නොපැවති ගැටලු රැසක් මතු වූ බව ගුරු සංගම් චෝදනා කරයි. සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියන් සිළුමිණට ප්‍රකාශ කර සිටියේ සෞන්දර්ය විෂය ධාරාවන්හි ප්‍රායෝගික පරීක්ෂණ නොපවත්වා මෙසේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් එම සිසුන්ට ප්‍රායෝගික දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවන බවත්, ඉන් ප්‍රධාන වන්නේ අසම්පූර්ණ ප්‍රතිඵල නිසාවෙන් ජනප්‍රිය පාසලකට ඇතුළු වීමේ අවස්ථාව ඉන් ගිලිහී යාම බවත්ය.

බොහෝ ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කරන්නේ ‘ඒ ‘ 9 ක් ලබා ගැනීමෙනි. එසේම සාමාන්‍ය පෙළින් පසු රැකියාවකට යෑමේදි මෙන්ම උසස් පෙළ විෂය ධාරා තෝරා ගැනීමේදීද තවත් විශාල ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවත්, ගුරු ප්‍රශ්නයට විසඳුම් ලබා දුන්නේ නම් මෙවැනි ගැටලු උද්ගත නොවන බවත් යල්වෙල පඤ්ඤාසේකර හිමියන් අවධාරණය කරති. කෙසේ වෙතත් ගුරු සංගම් පවසන්නේ මේ වන තෙක් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ රජය තම ප්‍රශ්නයට විසඳුම් ලබා නුදුන් බවත්, ඉල්ලිම් ලැබෙන තුරු තම සටන අත් නොහරින බවත්ය. මේ වන විට ගුරු වර්ජනයට දින 75 කි.

Comments