විෂන් කෙයා සාහිත්‍ය මාසය සම­ර­මින් අක්ෂි සත්කා­රයේ වැද­ග­ත්කම පෙන්වා දෙයි | සිළුමිණ

විෂන් කෙයා සාහිත්‍ය මාසය සම­ර­මින් අක්ෂි සත්කා­රයේ වැද­ග­ත්කම පෙන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නා වූ විෂන් කෙයා ආයතනය සැප්තැම්බර් මාසයේ යෙදෙන සාහිත්‍ය මාසය සමරමින් ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයෙක් සඳහා කියවීමේ වැදගත්කම අවධාරණය කරයි.

කියවීම යනු මිනිසා කුඩා කල සිටම ඉගෙන ගත යුතු අත්‍යවශ්‍ය ජීවන කුසලතාවක් වන අතර මෙම සාහිත්‍ය මාසය කියවීමේ පුරුද්ද වර්ධනය කර ගැනීමේ වැදගත්කම කෙරෙහි අවධානය යොමු කළ යුතු කාලයකි. වැඩිහිටියන් හා ළමුන් අතර කියවීම ජනප්‍රිය විනෝදාංශයක් වන ශ්‍රී ලංකාව තුළ ඉතා ඉහළ සාක්ෂරතා මට්ටමක් ඇත. නිරන්තරයෙන් පොත් පත් කියවීම ලෝකය පිළිබඳ ඔබේ දැක්ම පුළුල් කර, ඔබේ නිර්මාණාත්මකභාවය වැඩිදියුණු කිරීමටත්, මානසික ආතතිය ලිහිල් කිරීමටත්, විශ්ලේෂණාත්මක හා විවේචනාත්මක චින්තන හැකියාවන් ඉහළ නැංවීමටත් උපකාරී වෙයි.

වයස්ගත වීමත් සමඟ පෙනීමේ වෙනස්කම් ඇති වන අතර ඔබට වයස අවුරුදු 40 පමණ වන විට ඔබේ ඇස් වල ස්වාභාවික අභ්‍යන්තර කාච නම්‍යශීලී වීම අඩු වේ. මෙම තත්වය හේතුවෙන් ඔබට ළඟ පෙනීම නැතහොත් ආසන්න දැක්ම අපහැදිලි වනු ඇත. එය ප්‍රෙස්බියෝපියාව නමින් හැඳින්වෙන අතර එය වයසට යෑමත් සමඟ ඇතිවන ස්වභාවික තත්වයකි.

ඔබට ඔබේ සුපුරුදු කියවීමේ දුරින් පොත් පත් තබා ගත් විට ඒවා බොඳ වී පෙනෙන්නේ නම් හෝ සාමාන්‍ය ආලෝක තත්ත්වයන් යටතේ කුඩා මුද්‍රණ කියවීමේදී අපහසුතාවයක් දැනේ නම් හෝ කියවීමට උත්සාහ කරන විට ඔබේ ඇස් රිදෙන තත්වයක් හෝ හිසරදයක් ඇති වේ නම් මනා පුහුණුව ලත්, ඉහළ පළපුරුද්දක් ඇති දෘෂ්ටි සේවා වෘත්තීයවේදියෙකු මඟින් නිසියාකාර අක්‍ෂි පරීක්ෂාවක් වෙත යොමු වීම වැදගත් වේ-

Comments