වරායේ සිර වූ ආහාර ජන­තා­වට | සිළුමිණ

වරායේ සිර වූ ආහාර ජන­තා­වට

රායේ සිරවී ඇති සියලු ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කිරීමට කටයුතු කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂයන් ආනයන අපනයන පාලක ජෙනරාල්වරියට සහ රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට 24 වැනි සිකුරාදා පැවැති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේදී නියෝග කළේ ය. එහිදී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන් ප්‍රකාශ කළේ එසේ නිදහස් වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් හරහා ජනතාවට බෙදා දෙන ලෙස වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනට දැනුම් දෙන බව ය. මේ අතර කොළඹ වරාය පර්යන්ත අතර සිදුවන අන්තර් පර්යන්ත බහලු හුවමාරු (ITT) ප්‍රවාහනය අතරතුර පැවති තදබදය අවම කිරීමට මේ වන විට සියලු පියවර ගෙන තිබේ.

Comments