පෞද්ග­ලික බස් මගීන් වර්ණ ගන්වති | සිළුමිණ

පෞද්ග­ලික බස් මගීන් වර්ණ ගන්වති

 රටේ පළාත් 9 ආසාදිතයන් ගණන අනුව කලාපවලට බෙදා ඒවා ආසාදිතයන් ගණන අනුව පිළිවෙළින් රතු, කහ, කොළ ලෙස නම් කළ යුතු බවත් ‘රතු’ කලාපයක බස්වල වාඩිවූ මගීන් 50% ක් ද ‘කහ’ කලාපවල වාඩිවූ මගීන් 75% ක් ද ‘කොළ’ කලාපයක වාඩිවූ මගීන් 100% ක් ද ගමන් කිරීමටත් සිටගෙන යෑම තහනම් කිරීමටත් තමා යෝජනා කරන බව පෞද්ගලික  බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේය.

එමෙන්ම ඔක්තෝබර් පළමු වැනිදායින් පසු පෞද්ගලික බස් ධාවනය කිරීමට නම් ‍පසුගිය වසර දෙක ඇතුළත රක්ෂණ වන්දි ලබා නොගත් බස්වලට ලක්ෂ 1 1/2 ක රක්ෂණ වන්දියක් ලබා දෙන ලෙස රජයෙන් හා රක්ෂණ ආයතනවලින් ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.

Comments