පිළිකාව නසන්නට පැමිණ බයිඩ්න්ගෙන් උපහාර ලැබූ ලංකාවේ අෂානි | සිළුමිණ

පිළිකාව නසන්නට පැමිණ බයිඩ්න්ගෙන් උපහාර ලැබූ ලංකාවේ අෂානි

 

 

ශ්‍රී ලංකාව තම මවු රට සේ සලකන කිසිවකුට වෙනත් රටකින් හරසර ලැබේ නම් එය අප සැමට ප්‍රීතියට කරුණකි. අප ඒ පිළිබඳව තොරතුරු බෙදා ගන්නේ මහත් ආඩම්බරයෙනි. එහෙත් එවන් අවස්ථා එතරම් සුලබ නොවේ. එහෙත් දැන් සිතෙන්නේ අප රටට එවැනි ගෞරවයක් ලබා දෙන පුද්ගලයන් දුර්ලභද නොවන බවයි. මේ වන විට අප රටෙන් නික්මී වෙනත් රටවල පදිංචියට ගිය පුද්ගලයන් එම රටවල පාලනයට පවා දායක වෙමින් සිටින අතර ඇතැම් පුද්ගලයන් මුළු ලෝකයටම සේවය කරන ගෞරවනීය පුරවැසියන් බවට පත්ව තිබේ.

 

එවැනි පුවතක් යළිත් අප අවධානටය යොමු වන්නේ ශ්‍රී ලංකාව තම මවු රට ලෙස සලකන තවත් කාන්තාවක් ඇමරිකනු ජනාධිපතිවරයා අතින් විශේෂ තනතුරක් සඳහා පත්වීම් ලැබීමත් සමඟිනි.

ඇය අෂානි වීරරත්නය. සම්පූර්ණ නම අෂානි තනූජා වීරරත්නය. වර්ෂ 1971 දී ශ්‍රී ලංකාවේ උපත ලැබූ ඇය ඉතා කුඩා වියේදීම ලෙසතෝ රාජ්‍යයේ පදිංචිය සඳහා සිය පුවලේ සාමාජිකයන් සමඟ නික්ම ගියාය. ලෙසතෝ යනු අප්‍රිකා මහාද්වීපයේ දකුණු කෙළවරට ආසන්නයේ පිහිටා ඇති කුඩා රාජ්‍යයක් වන අතර දකුණු අප්‍රිකාවේ මෙන්ම ලෙසතෝ හි ද වර්ණ භේද වාදය දැඩි සේ දක්නට ලැබිණි. මේ හේතුවෙන් අෂානිගේ පවුලේ සාමාජිකයන් ලෙසතෝ අත්හැර නික්ම යන්නේ ඇමරිකාවටය.

සැබවින්ම ඇ‌ෙමරිකාවේ සෑම ක්ෂේත්‍රයකින් අත්විඳින්ට හැකි වූ පහසුකම් අෂානිගේ ජිවිතය උඩු යටිකුරු කරවීය. විශේෂයෙන්ම අධ්‍යාපනය ලැබීම සඳහා බොහෝ පහසුකම් ඇෙමරිකාව තුළ තිබූ අතර අෂානි ඒ සියල්ලෙන් ප්‍රයෝජන ලබා ගත්තාය. එරට මේරිලන්ඩ් ප්‍රාන්තයේ සෙන් මේරිස් කොලේජ්හි දී සාමාන්‍ය උපාධිය දිනා ගත් අෂානි පසුව ජෝර්ජ් වොෂිංටන් සරසවියෙන් ආචාර්ය උපාධිය තෙක් අධ්‍යාපනය ලැබුවාය.

අෂානි කුඩා කල සිටම පිළිකා පිළිබඳව හැදැරීමට විශේෂ කැමැත්තක් දැක්වූ අතර පිළිකා පිළිබඳව වැඩිදුර හැදැරීමෙන් සහ පර්යේෂණ කිරීමේන් පිළිකාවලට බඳුන් වන ජනතාවට අපේක්ෂාවන් ලබා දීම මෙන්ම පිළිකා සඳහා නව ඖෂධ සොයා ගැනීම ඇයගේ ප්‍රධාන අභිප්‍රාය විය.

මේ අරමුණ ඔස්සේ කටයුතු කළ අෂානි තම ආචාර්ය උපාධිය වෙනුවෙන් විශේෂ පර්යේෂණයක්ද ලියුවාය. එය මේ වන විටත් සැලකෙන්නේ අධ්‍යාපනඥයන් ලෝකයට දායාද කළ පර්යේෂණ අතර විශේෂ පර්යේෂණයක් වශයෙනි.

අෂානි වීරරත්න පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමු වූයේ මීට දින කිහිපයකට පෙරදීය. ඒ වන විටත් ඇය තමා ලත් අධ්‍යාපනය පදනම් කර ගනිමින් ඇෙමරිකානු ජනතාවට පමණක් නොව මුළු ලෝකයටම වැඩදායී සේවයක නිරත වෙමින් සිටි අෂානිට වඩාත් ගෞරවනීය සේවයක් කිරීමේ අවස්ථාව ඇෙමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් සලසා දෙනු ලැබීමත් සමඟිනි. එහිදී ඇෙමරිකානු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලාංකික විද්‍යාඥ අෂානි වීරරත්න ඇමරිකානු පිළිකා උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස පත් කරනු ලැබූවාය. මේ පත්කිරීම සම්පුර්ණයෙන්ම ඇයගේ අධ්‍යාපන සුදුසුකම් සහ දැනුම මත මෙන්ම මේ දක්වා ඇෙමරිකාවේ ජොන් හොකින්ස් සරසවියේ පර්යේෂණ සාමාජිකාවක ලෙස ඇය ඩටු ක ඇති මෙහෙය මත පදනම් ව සිදු කරන ලද්දක් බව පැහැදිලිය. එයට හේතුව වන්නේ ඇෙමරිකානු පිළිකා උපදේශක මණ්ඩලයේ කාර්ය භාරය වන්නේ ඇමරිකාවේ ජාතික පිළිකා වැඩසටහනේ ක්‍රියාකාරිත්වය පිළිබඳව එරට ජාතික සෞඛ්‍ය ආයතනයේ ජාතික පිළිකා ආයතන අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබා දීම වන බැවිනි. මෙය සැබවින්ම ගෞරවනීය තනතුරකි.

මෙවැනි ගෞරවනීය තනතුරකින් ශ්‍රී ලාංකිකයකු පිදුම් ලැබීම අප රටටද මහත් ආඩම්බරයකි. එමෙන්ම අෂානි පසුගිය ඩොනල්ඩ් ට්‍රම්ප් රජය පවතින වකාවනුවේදීද ඇෙමරිකාවේ කතාබහට ලක්වූ චරිතයක් වූවාය. එහිදී ඇය සංක්‍රමණිකයන්ට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති යටතේ පනවනු ලැබූ තහංචි පිළිබඳව විවේචනාත්මක අදහස් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කළ අතර මෙක්සිකෝවේ සිට සංක්‍රමණිකයන් ඇමරිකාවට පැමිණීම වැළැක්වීමට ගනු ලැබූ ක්‍රියාමාර්ගද තරයේ විවේචනය කළාය. ඇතැම්විට ඇයද සංක්‍රමණික පවුලකින් පැවත ඒම මෙසේ සංවේදී අදහස් පළ කිරීමට ඇයට හේතුවක් වන්නට ඇත.

කෙසේ වුවද මෙතැන් සිට ඇයට ඇෙමරිකාවේ පමණක් නොව සමස්ත ලෝකයේ ම පිළිකාවලට ගොදුරු වන ජනතාව වෙනුවෙන් සේවය කිරීමේ අවස්ථාව සැලසෙනු ඇත. ඒ ශ්‍රී ලංකාවටද කීර්තියක්

අත් කර දෙමින් ම ය.

Comments