පාසල් විවෘත කිරීම ඔක්තෝ­බර් මැද සිට | සිළුමිණ

පාසල් විවෘත කිරීම ඔක්තෝ­බර් මැද සිට

සංචරණ සීමා ඉවත්ව සෞඛ්‍ය නිර්දේශ ලැබුණු වහාම අදියර 4ක් යටතේ පාසල් විවෘත කිරීමට රජය ගත් තීරණයට අනුව, එහි ප්‍රථම පියවර වශයෙන් සිසුන් 200ට අඩු පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා වන පාසල් ඔක්තෝබර් මැද සිට විවෘත කෙරෙනු ඇත.

ඒ අනුව විවෘත කිරීමට නියමිත පාසල් සංඛ්‍යාව 3,884කි. ඒ පාසල්වල ඉගෙනුම ලබන සිසු සංඛ්‍යාව 4,73,524ක් වන අතර; ගුරුවරු සංඛ්‍යාව 54,977කි. ශ්‍රී ලංකාවේ පාසල් 10,155ක් ඇති අතර, සමස්තයක් ලෙස ඒවායේ ඉගෙනුම ලබන සිසු සංඛ්‍යාව 40,63,685කි. එයට අයත් සමස්ත ගුරු සංඛ්‍යාව 2,49,494කි. මේ වන විට රජයේ එන්නත්කරණය වැඩසටහන මඟින් විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 89%කට එන්නත් ලබා දී අවසන් කර ඇත.

මෙවර සෑම පාසලක් ම නියෝජනය වන පරිදි ළමා රෝග විශේෂඥ වරුන්ගේ උපදෙස් ලබා ගැනීම ද සිදු කරනු ඇත.

Comments