දරු­වන් අතර කොරෝනා අඩු­වක් | සිළුමිණ

දරු­වන් අතර කොරෝනා අඩු­වක්

ඩු වෙමින් පවතින කොවිඩ් රෝගී තත්ත්වය දරුවන් අතරද ක්‍රමයෙන් පහළ යමින් තිබෙන බවත් පසුගිය දිනවල කොවිඩ් ආසාදිත දරුවන් 200කට ආසන්න සංඛ්‍යාවක් රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලැබුවත් මේ වන විට එය 50කට ආසන්න සංඛ්‍යාවක් දක්වා අඩුවී ඇත. එහෙත් පවතින අවදානම පහව ගොස් නැති හෙයින් සෞඛ්‍ය පිළිවෙත් නිසි පරිදි පවත්වාගෙන යෑම සිදු කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සිළුමිණට පැවැසුවේය.

දරුවන්ට එන්නත්කරණය සිදුකොට ඉක්මනින්ම පාසල් විවෘතකොට දරුවන්ගේ මානව අයිතියක් වන අධ්‍යාපනයට මංපෙත් විවර කර දීම කඩිනමින් සිදුවිය යුතු බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා ඒ සඳහා නිසි ‍සෞඛ්‍ය උපදෙස් මත ඉදිරි දිනවලදී සැවොම කටයුතු කළ යුතු බවද අවධාරණය කළේය.

Comments